ඇවන්ට් ගාඩ් නැව ගැන පොලිස් පරීක්ෂණ ඇරඹේ


නාවික හමුදාව විසින් ගාල්ල පොලීසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව පසුගියදා (06දා) ශ්‍රී ලංකා මහුදු සීමට පැමිණ ආයුධ සන්නද්ධ ඇවන්ට්ගාඩ් නැව ගැන පරීක්ෂණ ඇරඹූ බව පොලීසිය කියයි.

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මෙම නැවේ විදේශ ජාතිකයින් 05 ක් ඇතුළු 33 ක කාර්ය මණ්ඩලයක්, T-56 හා 84-S වර්ගයේ අවි 816 ක් හා උණ්ඩ ලක්ෂ දෙකක් තිබෙන බවත් නාවික හමුදාව සඳහන් කර තිබේ.

නැව තවමත් ගාල්ල වරායට ගෙනවිත් නොමැති බවත්, එය පොලිස් භාරයට ගන්නා ලෙසත් නාවික හමුදාව වැඩිදුරටත් පොලීසියෙන් ඉල්ලා තිබේ. 

 



Recommended Articles