ආයතන 93 මැතිවරණයට මේ වසරේ ඡන්ද හිමි නාමලේඛනය උපයෝගී කර ගැනේ


Sri Lanka Go To The Polls In The Civil War Ravaged North Province

මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙන පළාත් පාලන ආයතන 93 හිම මැතිවරණය සඳහා මේ වසරේ සකස් කළ ඡන්ද හිමි නාමලේඛනය භාවිත කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

මේ අනුව අදාළ ඡන්ද හිමි නාමලේඛන තේරීම් භාර නිලධාරීන් විසින් සකස් කර තිබෙන අතර ඒවා පළාත් පාලන ආයතනවල ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

අදාළ නාමලේඛනවල නම සඳහන්ව නැත්නම් ඒ පිළිබඳව අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට ලිපියක් මගින් දැනුම්දීමටත් අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇත.

දෙසැම්බර් 05 වන දිනට පෙර අදාළ ඉල්ලීම සිදු කළ යුතු අතර අදාළ නාම ලේඛනය 2017 වසරේ ඔක්තොම්බර් 21 වන දින මැතිවරණ කොමිසම සහතික කර තිබේ.



Recommended Articles