ආණ්ඩුව පෙරළන්න ඉඩ දෙන්නේ නෑ


වත්මන් ආණ්ඩුව 2020 වසරේදී ජනතා කැමැත්තෙන් මිස නිති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී ලෙස පෙරළීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව පරිපාලන ගොඩනැගිල්ල හා ප්‍රතිසංවර්ධිත මැදිරි සංකීර්ණය විවෘත කිරීමට කොළඹදි එක්වෙමින් ඔහු මේ බව අද (05දා) සඳහන් කළේය. 

කුමන දේශපාලන පක්ෂයක වේවා ආණ්ඩුවක් බලයට පත්වූ විට එම ආණ්ඩුවට නිදහසේ සිය කටයුතු කරගෙන යාමට ඉඩදීම රටට ආදරයක කරන සියලු දෙනාගේ වගකීම බවත් පටුදේශපාලන අවශ්‍යතා උදෙසා කටයුතු කිරීමට නැවත වරක් ඉඩ නොමැති බවද ජනපතිවරයා සඳහන් කළේය.

එසේම මෙහිදී හම්බන්තොට වරාය හා කර්මාන්ත පුරය පිළිබඳව අදහස් දැක්වූ ජනපතිවරයා පැවැසුවේ ඒ සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් මේ දක්වා රජය විසින් සම්පාදනය කර නැති බවයි.

ඡායාරූප ශමීර රාජපක්ෂ

DSC_5520 DSC_5528 DSC_5545 DSC_5551 DSC_5576 DSC_5578 DSC_5579 DSC_5585 DSC_5591 DSC_5592 DSC_5593 DSC_5597 DSC_5605 DSC_5615



Recommended Articles