අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු


හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වරෙන්තු නිකුත් කළාය.

මහ බැංකු බැඳුම්කර මුල්‍ය වංචාව පිළිබඳව මීට පෙර අධිකරණය විසින් පවත්වනු ලබන මහේස්ත්‍රාත් විමර්ශනයේ පළමු සැකකරු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට කරන ලද නොතීසි ප්‍රකාරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී නොසිටිම පිළිබඳ සළකා බලමින් අද (15දා) මෙම නියෝගය නිකුත් කැරිණි.

හිටපු මහ බැංකු අධිපතිවරයාට අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන් නමුත් එම සිතාසිය දැනට විදේශගතව සිටින අර්ජුන් ඇලෝසියස්ට ලබාදීමට හැකියාව නොලැබිණි.

මේ අතර පිටස්තර පුද්ගලයින්, පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සමඟ පැවැත්වූ දුරකථන සබඳතා පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස දුරකථන සමාගම්වලට නියෝගයක් ද නිකුත් කෙරුණි.

මීට අමතරව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා මාර්තු 29 වැනි දා දක්වා රිමන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15දා) නියෝග කළාය.

 

80e15d473eb9891a172797f68eca34a78d67b0b4



Recommended Articles