අයවැය දෙවැනිවර කියවීම සම්මතයි


 

2018 වර්ෂය සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය ලේඛණය වැඩි ඡන්ද 93 න්  පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද(16දා) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණ අතර අයවැයට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 58 ක් ලැබුණි . විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළේය.

දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පවසා තිබුණද ඡන්දය විමසන අවස්ථාවේදී පක්ෂව ඡන්දය භාවිතාකළේය.

sri_lanka_parliament_march_2016



Recommended Articles