අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි - වැඩි ඡන්ද 109


ලබන වසර සදහා වන අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම මීට සුළු මෙහොතකට පෙර පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය. අයවැය සඳහා පක්ෂව ඡන්ද 160 ක් ද විපක්ෂව ඡන්ද 51 ද ලැබුණු අතර නොපැමිණි ගණන 13 කි.

2016 විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම පසුගිය 02දා වැඩිඡන්දයෙන් සම්මත වූ අතර ඒසදහා   ඡන්ද 159ක් ලැබුණි. විපක්ෂව ඡන්ද 52 පමණි.

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 107 සම්මත විය. අයවැය කතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක පසුගිය නොවැම්බර් 20 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අද දිනයේ ඡන්දය විමසන අවස්ථාවේදි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, විමිල් විරවංශ, පවිත්‍ර වන්නිආරච්චි, ජනක බණ්ඩාර තෙන්නකෝන්  ගිතා කුමාරසිංහ, මනූෂ නානායක්කාර ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියහ.



Recommended Articles