අයවැයෙන් වාහන මිල අහස උසට?


මෙවර අයවැයෙන් ඉතාමත්ම අසාධාරණ ලෙස බදු වැඩි කිරීමක් සිදුකර ඇති බවත්, මේ තත්ත්වය තුළ සෑම වාහනයකම පාහේ මිල ඉහළ යනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව, වෑන් රථයක් ලක්ෂ 25/- කින් පමණද, හයිබ්‍රිඩ් 1,000cc වලට වඩා අඩු එන්ජින් ධාරිතාවේ කාරයක් ලක්ෂ 4.5කින් පමණද, සාමාන්‍ය හොන්ඩා ෆිට්, ටොයෝටා ඇක්වා වැනි කාරයක් ලක්ෂ 6 - 7 ත් අතර ප්‍රමාණයකින්ද, ප්‍රියස් රථයක් ලක්ෂ 10කින් පමණද ඉහළ යනු ඇත.

මීට අමතරව, විද්‍යුත් කාරයක් ලක්ෂ 25කින් පමණද මිල ඉහළ යනු ඇති අතර, සාමාන්‍ය මරුටි කාරයක් පවා ලක්ෂ 2 - 3ත් අතර ප්‍රමාණයකින් මිල ඉහළ යනු ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි. 

 



Recommended Articles