අමාත්‍ය පාඨලීගේ මවට ජනපතිගේ අවසන් ගෞරව


මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මෑණියන් වු අභාවප්‍රාප්ත එපිටවත්ත ආරච්චිලාගේ ලිලීනෝනා මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.

ඒ මහත්මියගේ දේහය තැන්පත් කර ඇති බුලත්සිංහල, බෝතලේගම නිවස වෙත අද (03දා) දහවල් ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර ඇත.



Recommended Articles