අමාත්‍යාංශ දෙකක් පමණක් මුදල් ගෙවිය යුතුයි


(VIDEO) ගුවන් හමුදාවේ ගුවන් යානා හා හෙලිකොප්ටර් යොදා ගැනීම වෙනුවෙන් අමාත්‍යාංශ දෙකක් ආරක්ෂක අමාත්‍යාංශයට ගෙවීම් කළ යුතු බවත් එම මුදල් සති දෙකක් ඇතුළත ගෙවන බවට එම අමාත්‍යාංශ ආරක්ෂක අමාත්‍යාංශයට දන්වා ඇති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය. කොළඹදී අද (07දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.මුදල් අමාත්‍යාංශය හා සංචාරක හා ක්‍රිස්තියානු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 2කට ආසන්න මුදලක් අමාත්‍යාංශයට ගෙවීමට තිබෙන බව අමාත්‍යවරයා පැවැසීය.

ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී තමා සභාගත කළ පිළිතුරේ සඳහන් අමාත්‍යවරුන් ගුවන් හමුදාවේ ගුවන් යානා භාවිත කරමින් කළ ගුවන් ගමන් සඳහා මුදල් ගෙවීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කළත් ඇතැම් මාධ්‍ය එය වැරදි ලෙස අර්ථකතනය කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

ආණ්ඩුව කිසිම අයුරකින් ගුවන් හමුදාවේ සම්පත් අවභාවිත නොකරන බවද ඔහු කීවේය. තවදුරටත් අදහස දැක්වූ අමාත්‍යවරයා පැවැසුවේ පසුගිය ආණ්ඩුව විසින් කළ ගුවන් ගමන් සඳහා ගුවන් හමුදාවට අය විය යුතු මුදල් තවමත් තිබෙන බවයි. එසේම හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ගුවන් ගමන් සඳහා රුපියල් ලක්ෂ 9ට ආසන්න මුදලක් තවමත් අයවීමට තිබෙන බවද ඔහු  පැවැසීය. 

ඡායාරූප/වීඩියෝ ක්‍රිෂාන් රණසිංහ

DSC_0078 DSC_0108 DSC_0113 DSC_0118

 



Recommended Articles