අමාත්‍යවරු කිහිප දෙනෙක් විදේශ ගතවෙති


අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අද දිනයේදී විදේශ ගත වීමට නියමිතය. ත්‍ය අර්ජුන රණතුංග  මහතා අද (25දා) අලුයම 3.00 ට කටාර් ගුවන් සේවයේ Q.R. - 669 දරන ගුවන් යානයෙන් දෝහා බලා පිටත්ව ගොස් තිබේ.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද දහවල් 1.55 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ U.L.- 195 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි බලා පිටත්ව යෑමට නියමිතය.අමාත්‍ය සරත් අමුණුගම මහතා අද දින දහවල් 2.35 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ U.L. - 406 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් වෙත පිටත්ව යෑමට නියමිතය.

 අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා අද දහවල් 12.50 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ U.L.- 503 දරන ගුවන් යානයෙන් ලන්ඩන් බලා පිටත්ව යෑමට නියමිතය.

අද දිනයේදී කැබිනට් සංශෝධනයක් කිරීමටද නියමිතව ඇත.

rsz_srilankan_airlines-916x515



Recommended Articles