අමාත්‍යංශ කිහිපයක් සඳහා නව ලේකම්වරු පත්කරයි


අමාත්‍යංශ කිහිපයක් සඳහා නව ලේකම්වරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (07දා) පත්කර ඇත.

මේ අනුව,

- ඛණිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස උපාලි මාරසිංහ මහතා

- සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය  අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස උදය - සෙනෙවිරත්න මහතා 

- කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස්.ඒ.එන් සරණතිස්ස මහතා

- මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනුර දිසානායක මහතා

- ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංයේ ලේකම්වරයා ලෙස ජි.එස් විතානගේ මහතා 

- ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඒ.පී.ජි කිත්සිරි මහතා 

- වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත විජේරත්න මහතා

- වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය - ජේ.ඒ රංජිත් මහතා

- සංවර්ධන කාර්යය භාර අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස දර්ශනා සේනානායක මහත්මිය  

- විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලේස ශිරාණි වීරකෝන් මහත්මිය පත් කර ඇත.



Recommended Articles