අතුරුදහන් ධීවරයන් සොයා නාවික හමුදා මෙහෙයුමක්


ඔළුවිල්  ධීවර වරායෙන් දකුණු දිශාව බලා ඉකුත් 21 පිටත්වු  විජය 2 බහුදින යාත්‍රාව ඇතුළු ධිවරයින්  සය දෙනෙකු අතුරුදහන් වී ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි කල්මුණේ පොලීසිය සඳහන් කරයි.

මෙම ධිවරයින්  පිරිස මීගමුව, පිටිපන සහ  පළගතුරේ යන ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් වර්ණකුළසූරිය රත්නපාල, දිනේෂ් චතුරංග ප්‍රනාන්දු, කුළකුළ සූරිය නිකුලස්ප්‍රනාන්දු, විජිතකුමාර මධුසංක, නිහාල්විජේසිරි, සරත්ප්‍රනාන්දු යන අය මෙසේ අතුරුදහන්ව ඇත. 

ඒ අනුව මෙම පිරිස සොයා නාවික හමුදාව නැගෙනහිර  මුහුදේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් කල්මුණේ පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.

කටුනායක ප්‍රසාද් මුතුකුඩ

 ධීවර කාර්මික-විජිත කුමාර මදුසංක3



Recommended Articles