Recipe of the Week වෙතින් මෙවර ගෙනෙන මෙය ආදරවන්තයන්ගේ දිනයට ආදරෙන් උදෑසන ආහාරයක් ලෙස හෝ අතුරුපසක් ලෙස රස විඳින්නට හැකිය.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි ග්‍රෑම් 200
  • කො‍කෝ පවුඩර් තේ හැඳි 2
  • බේකිං පවුඩර් තේ හැඳි 1
  • කුඩුකර ගත් රතු සීනි තේ හැඳි 1
  • වැනිලා තේ හැඳි ½
  • කිරි මිලිලීටර 230
  • බිත්තර 3
  • බටර් ග්‍රෑම් 25
  • රතු පැහැ කලරින්

ටොපින් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • ක්‍රීම් චීස් ග්‍රෑම් 100
  • මේපල් සිරප් තේ හැඳි 4
  • චොක්ලට් චිප්ස් ග්‍රෑම් 100
  • අයිසින් සීනි ස්වල්පයක්
  • හැඩ ගැන්වීමට ස්ට්‍රෝබෙරි හෝ බෙරි වර්ගයක්

සාදන ක්‍රමය:

රතු කලරින් හැර පෑන් කේක් එක සාදා ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරන්න. හොඳින් බැටරය මිශ්‍ර වූ පසු කලරින් අවශ්‍ය පමණ එකතු කරගන්න. පෑන් එකක් ලිප තබා රත් වනවිට බටර් ස්වල්පයක් එක්කරන්න. එයට බැටරය එකතු කර දෙපැත්ත දමා පෑන් කේක් සාදා ගන්න. ටොෆින් සෑදීමට මේපල් සිරප් හා ක්‍රීම් චීස් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. පිළිගැන්වීමේදී ක්‍රීම් චීස් මිශ්‍රනය පෑන් කේක් දෙකක් මැද තවරා එයට චොක්ලට් චිප්ස් ඉසගන්න. එලෙස තට්ටු කිහිපයක් සාදාගන්න. අවසානයේ අයිසින් සීනි ඉසගෙන අලංකාරවත් අයුරින් ස්ට්‍රෝබෙරි හෝ බෙරි වර්ගයක් තබන්න.

නදීශානි පතිරණ

 

 

0 comments

Leave a Reply

Post Comment