පාරිභෝගිකයින්ගේ දැඩි ප‍්‍රතිචාර මත පසුගිය සති අන්තයේ BMICH හි පැවති  මංගලාභරණ ප‍්‍රදර්ශනයේ ලබාදුන් සියලූම දීමනා හා වාසි නැවතත් පිරිනැමීමට ස්වර්ණමහල් ජුවෙලර්ස් තීරණය කර ඇති බව බම්බලපිටිය ස්වර්ණමහල් ප්‍රධාන ශාඛාවේ කළමනාකරු වන චානක පෙරේරා මහතා අදට පැවසුවේය.
ඒ අනුව, සැප්තැම්බර් මස 4,5,6 යන තෙදින දිවයින පුරා පිහිටි ස්වර්ණමහල් ශාඛා ජාලය වෙතින් සුවිශේෂී මංගලාභරණ සහන පැකේජය මෙන්ම මංගලාභරණ කට්ටලයම මිලදීගන්නා  පාරිභෝගිකයන්ට නොම්ලේ රන් මුදුවක් සමගින් තවත් වාසි රැසක් පිරිණැමීමට නියමිතය.
ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා ස්වර්ණාභරණ නිපදවන ස්වර්ණමහල් ජුවෙලර්ස් බම්බලපිටිය , හෙට්ටිවීදිය ,මොරටුව ,ගාල්ල, මීගමුව,ගම්පහ, මාතර , මහනුවර ,මහරගම , නුගේගොඩ , වත්තල ,රත්නපුර ,කිරිබත්ගොඩ ,කළුතර යන ශාඛාවන්ගෙන් මෙම අත්දැකීම විඳගැනීමට අවස්ථාව උදාකරදී ඇත.
 
 

0 comments

Leave a Reply

Post Comment