තම්බපණ්ණි wedding fair 2020 විවාහ මංගල ප්‍රදර්ශනය පසුගියදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. 
වසරකට අවස්ථා දෙකකදී පවත්වන මෙම විවාහ ප්‍රදර්ශනයේදී ඡායාරූපකරණය, රූපලාවණ්‍යකරණය, සැරසිලි සහ මංගල උත්සවයට අදාළ සියලු දෑ විවිධ කුටි මගින් ප්‍රදර්ශනය කෙරුණි. 

දිවයිනම ආවරණය වන පරිදි රූපලාවණ්‍ය ශිල්පීන් හැඩගන්වන මනාල මනාලියන් දැක්මද මෙවර පැවැත්වුණි. 
මෙහි ප්‍රථම ස්ථානය අම්බලන්ගොඩ සැලෝන් බියුටිෂුන්හි ටී.එම්. ලක්ෂ්මි මහත්මිය විසින් හිමිකරගත් අතර, දෙවැනි ස්ථානය ගාල්ලේ සැලෝන් අනීශාහි ඩබ්ලියු ජේ.කේශානි මහත්මිය විසින් හිමිකර ගන්නා ලදී. මෙම තරගයේ තුන්වැනි ස්ථානය මාතර සැලෝන් ට්‍රේන්ඩිහි ඉශාරි විතාරණ මහත්මිය විසින් හිමිකර ගන්නා ලදී.

 ඡායාරූප සහ සටහන - මහේෂ් මලවරආරච්චි3rd Place 

0 comments

Leave a Reply

Post Comment