අතීත ශ්‍රී ලංකාද්වීපය ලෝකයා විසින් සිවුහෙළය ලෙස හඳුන්වන්නට විය. ඉතිහාස පොතපත අධ්‍යයනයේදී මින් වසර 38,000කට 40,000කට තරම් ඈත කාලයේදී ලංකා භූමිය තුළ ප්‍රාග් ඓතිහාසික ජන කණ්ඩායම් 4ක් ජීවත් වූ බව කියවේ. එනම් යක්ෂ, දේව, නාග හා රාක්ෂ යන ගෝත්‍රවල ජනයායි. මෙම ගෝත්‍රික වැසියන් විවිධ වෘත්තීන්වල නියැලුණු බව සඳහන් වේ.
ඒ ආශ්‍රිත ජනප්‍රවාද හා පුරාවෘත්ත රැසකි. රාවණ රජු පිළිබඳ කතා පුවතද එවැන්නකි. සුමන සමන් වැනි දේව ගෝත්‍රිකයෙක් දේවත්වයට පත්වූ බවද එවැනි පුරාවෘත්තයකි. මේ අතරින් නාග ගෝත්‍රිකයන් පිළිබඳවද විවිධ ජනප්‍රවාද පවතියි. මෙම ලිපිය මගින් ඒ පිළිබඳව විමසා බලමු.
“නාගයන් පිළිබඳ මුලින්ම සඳහන් වෙන්නේ මහාවංශයේ. බුදුන් වහන්සේගේ ලංකාගමනයත් සමග. නාගයන් අතර ඇතිවූ යුදමය තත්ත්වයන් සමනය කිරීමට බුදුන් දෙවරක් ලංකාවට වැඩම කළ බව කියවෙනවා. තුන්වන වර කැලණියේ මණිඅක්ඛිත නම් නාග ගෝත්‍රික රජුගේ ආරාධනයෙන් වැඩම කළ බව සඳහන් වෙනවා.” මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා ලබාදුන් ප්‍රවේශය ඔස්සේ මහාවංශ ටීකාව, මොග්ගල්ලාන වංශය, කාම්බෝජ මහාවංශය වැනි පොතපත ඇසුරින් මූලාශ්‍ර සපයාගත හැකි විය.
මහවැලි ගඟ තීරයෙහි වූ මහානාගවන නම් වූ නාග ගෝත්‍රිකයන්ට අයත් වූ උද්‍යානයක් යක්ෂ ගෝත්‍රිකයන් විසින් ආක්‍රමණය කිරීමෙන් ගැටුමක් ඇතිවිය. එම ගැටුම දුටු බුදුන් එය සංසිඳවීමට බුදුන්වහන්සේ මහියංගණයට වැඩම කර දෙපිරිස අතර ගැටුම සංසිඳ වූ බව මහාවංශයේ සඳහන් වේ.
බුද්ධත්වයට පැමිණීමෙන් පස්වන වර්ෂයෙහි මහෝදර නාග ගෝත්‍රික මාමා හා චූලෝදර නාග ගෝත්‍රික බෑනා අතර මැණික් පුටුවක් අරඹයා යුද්ධයකට සැරසෙනු දැක, නාගදීපයට වැඩම කළහ. මෙම මැණික් පුටුව මහෝදරට ලබා නොදී පියා විසින් චූලෝදරගේ මෑණියන් වූ මහෝදරගේ සොයුරියට ලබා දීම නිසා මෙම ගැටුම ඇති විය. සිය මෑණියන් වෙනුවෙන් මහෝදර මෙම යුද්ධයට ඉදිරිපත් විය. යුද්ධය පැවැති දිනයේදී, එම භූමියෙහි අහසෙහි වැඩ සිටි බුදුන් වහන්සේ අඳුරක් මවා නාගයන් බියගන්වා පසුව ආලෝකයක් පතුරුවාලූහ. ඉන්පසු බුදුන් විසින් ඔවුන් සමගි කරවන බණක් දේශනා කළහ. එයින් සතුටට පත් මාමා හා බෑනා දෙදෙනා මැණික් පුටුව බුදුන්ට පූජා කළහ. මෙම සංග්‍රාමය සඳහා පැමිණ සිටි මහෝදරගේ මලණුවන් වූ කැලණි වාසි මණිඅක්ඛිත නා රජු තමන් කෙරෙහි අනුකම්පාවෙන් නැවත ලංකාද්වීපයට වැඩම කළ අවස්ථාවකදී කැලණියට වඩිනා ලෙස බුදුන්ගෙන් අයැදීය. බුදුන් වහන්සේ තමන් වෙත පූජා කළ කිරිපලු වෘක්ෂය හා මිණි පළඟ පාරිභෝගික චෛත්‍යයන් ලෙස වන්දනා කිරීම සඳහා නාගයන්ටම දී ජේතවනාරාමයට වැඩි සේක.” යනුවෙන් මහාවංශයේ සඳහන් වේ.
නාගදීප ගමනෙන් තුන් අවුරුද්දකට පසු මණිඅක්ඛිත නා රජු බුදුන් වෙත ගොස් භික්ෂු සංඝයා සහිතව කැලණියට වැඩම කරන ලෙස ආරාධනා කිරීමෙන් පසු දිනම, එනම් බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ වෙසක් පසළොස්වක දිනයෙහි පන්සියයක් භික්ෂූන් පිරිවරා මණිඅක්ඛිත නාගරාජයාගේ වාස භවනයට වැඩි සේක. එහි කැලණි චෛත්‍යය පිහිටි ස්ථානයෙහි ඉදිකරන ලද රත්න මණ්ඩපයෙහි වූ මාණික්‍ය පර්යන්කයෙහි වැඩ සිටි බුදුන් සහිත මහ සඟනට දන් පූජා කළ පිරිවර සහිත නා රජුට දහම් දෙසූ බුදුරජාණන් වහන්සේ සමන්ත කූටයෙහි ශ්‍රී පාදය දක්වා පර්වත පාදයෙහි දිවා විහරණකොට දිගා වැවට වැඩි බවත්, මේඝවනාරාමය, ශ්‍රී මහා බෝධිය, මහා සෑය, ථූපාරාමය පිහිටුවන්නා වූ තැන්හිද සමාධියට සම වැදී තමන් සමග පැමිණි දේව සමූහයාට අනුශාසනාකොට නැවත ජේතවනාරාමයට වැඩම වූ බව මහාවංශයේ දැක්වේ.
ක්‍රිස්තු වර්ෂ 406- 431 මෙහි පැමිණි චීන ජාතික ෆාහියන් හිමි සමනොළ සිරිපා සටහන ගැන සිය දේශාටන වාර්තාවේ සටහන් කරන්නේ මෙසේය.
“නපුරු නාගයන් බුදුසමයට හැරවීම සඳහා බුදුන් වහන්සේ මෙහි වැඩම කළහ. ඒ ගමනේදී උන්වහන්සේ රධි බලයෙන් රටේ අගනුවර උත්තර දිසා භාගයේදී එක් සිරිපා සටහනක්ද එහි සිට යොදුන් 15ක් ඈතින් කන්දක් මුදුනේ තවත් සිරිපා සටහනක්ද පිහිටවූහ.” යනුවෙනි.
පානම මණි නාග පබ්බත විහාරයේ සෙල්ලිපිය “මණි අගිය රජ මහ විහර” හා “මණි අගිය මත තිරච ලෙණේ” කැලණියේ විසූ මණි අක්ඛිත රජු හා ඔහුගේ මව විසින් කරවන ලදැයි සඳහන් වේ.
“නාග වංශිකයෝ එකල වෙළෙඳ, ධීවර හා නාවික කටයුතු මෙහෙය වූ පිරිසක්. අපේ රටේ පළමු නාග රජු ලෙස සැලකෙන්නේ විභීෂණ. නාගයන් ලංකාවේ නගර කිහිපයකම වාසය කළ බව කියවෙනවා. මහියංගණයට නුදුරු නාගදීපයේ. අතීත නාගදීපය ලෙස හැඳින්වූයේ දැන් තිබෙන කුඩා දූපත පමණක් නෙමෙයි. එය වන්නියේ සිට යාපනය දක්වා වූ කොටස බව වසභ රජු නාගදීපය පාලනය කළ ඉසගිළි ඇමතිවරයාට ලබාදුන් වල්ලිපුරම් රන්පතේ සඳහන් වෙනවා. නාගදීපය මුලින්ම හැඳින්වූයේ %නාකදිව’ ලෙසයි එහි සඳහන් වෙන්නේ. කැලණි ගඟ අසබඩ ප්‍රදේශය, යාපනයේ කන්දරෝඩ ප්‍රදේශයේ සහා සේරුවිල වඩුන්නාගල ප්‍රදේශවලත්, මඩකලපු දිස්ත්‍රික්කයේ පාලින්ද නුවරට ආසන්න ප්‍රදේශයේ හා අම්පාර දිස්ත්‍රික්කයේ නාග ගෝත්‍රිකයන් විසූ බවට සඳහන් වෙනවා.
නාග ගෝත්‍රිකයන් ධනවත් අය ලෙසයි සැලකෙන්නේ. ඔවුන් ක්‍රිස්තුපූර්ව 6 වන සහා 7වන සියවසේදී වෙළෙඳ කටයුතු කළ බවට ඇතැම් සාක්ෂි තිබෙනවා. නාග ගෝත්‍රිකයෝ සාගරයේ බලය පැතිරූ අය ලෙසයි දකින්න ලැබෙන්නේ. නාගයා ජලයට අධිපති සංකේතයක් ලෙස පිළිගන්නා නිසාත්, බලයට අධිපති සංකේතය වන නිසාත් තම ගෝත්‍රය හඳුන්වන්න එම නම හා සංකේතය භාවිත කරන්න ඇතැයි සිතිය හැකිය. මිනිස් වෙස් ගත් නාගයන්, වෙස් මාරු කළ හැකි නාගයන් පිළිබඳ සඳහන් වන්නේ බෞද්ධ සාහිත්‍යයේ පමණයි.” යන්න මහාචාර්ය මාලිංග අමරසිංහ මහතාගේ අදහසයි.
පුරාවිද්‍යාඥ ප්‍රශාන්ත ගුණවර්ධන මහතා අප සමග පැවසුවේ,&මණිඅක්ඛිත නා රජු ගැන සඳහන් වෙන්නේ මහාවංශයේ. ඔහු නාග නම් ගෝත්‍රයේ කැලණි ප්‍රදේශයේ නායකයාය. ඔවුන් ලංකාවේ ජීවත් වූ එක මනුෂ්‍ය කොට්ඨාසයක්.” කෙසේ නමුත් මේ පිළිබඳව ජනප්‍රවාද හා ඉතිහාස පොතපත හැරුණුකොට වෙනත් සාක්ෂි නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
Champa
05 years 07 months 09 days 23 hours 54 minutes 14 seconds agoඔබේ ලිපියට ස්තුතියි. ඇත්ත. නාග කියන්නේ ජන වර්ගයක්. අපේ මුල් හෙළ ජන වර්ග යක්ෂ, නාග, රාක්ෂ සහ දේව. රාක්ෂ ජන වර්ගය ගොවිතැන් කටයුතු වල යෙදුනු බවත්, යක්ෂ ජන වර්ගය වානේ සහ යකඩ වලින් විවිධ මෙවලම් සහ රාක්ෂ ජන වර්ගයට අවශ්‍ය කෘෂි උපකරණ තැනු බවත්, නාග ජන වර්ගය වෙළඳ කටයුතු වල යුදුනු බවත්, දේව ජනවර්ගය රට පාලනය කල බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. පුරාණ යක්ෂයන් කියන්නේ යකුන් බවත් නාගයන් කියන්නේ නයින් බවත් ඉතිහාසය නොදන්නා සමහරු හිතනවා. නමුත් යක්ෂ ජන වර්ගයට අධ්‍යාත්මක බලයක් තිබුණු බවත්, නාග ජන වර්ගයට වෙනත් වේශයක් ගත හැකි බවත් කියවෙනවා. උදාහරණයක් විදිහට දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මුලින්ම හිතල තියෙන්නේ තමන්ට තිස්ස කියල කතා කරපු මිහිඳු හාමදුරුවෝ යක්ෂයෙක් කියල කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ එක්කම කියන්න ඕනේ මේ දින වල කැලණියේ කරන නාග නාඩගම දේශපාලනයට සම්බන්ධ බොරුවක් කියල. නාගගෝත්‍රිකය කවදාවත් ඔය විදිහට එන්නේ නැහැ. දකින්නත් බැහැ. නමුත් ඔවුන් ජීවමානව ආරක්ෂා කරන එකම එක තැනක් තියෙනවා. ඒ කැලණිය නෙමෙයි. නාග සහ යක්ෂ ගෝත්‍ර අතර දීර්ඝ කාලින ආරෝවක් තියෙනව. යක්ෂ රජු රාවණාව පාවල දුන්නේ නාග ගෝත්‍රික විභීෂණ.රාවණාට පස්සේ රජ වුනේ
Replyminuk
05 years 05 months 21 days 02 hours 10 minutes 52 seconds agoThank you for this article It was very useful
Reply