ව්‍යායාම්වල යෙදීම නිරෝගිමත් ජීවිතයකට අත්‍යාවශ්‍ය වන කරුණකි. නමුත් ව්‍යායාම් කිරීම අත්‍යාවශ්‍ය යැයි කියන නිසාම බොහෝ දෙනා එය ඔළුවට අනවශ්‍ය බරක් බවට පත්කරගනී. නමුත් ව්‍යායාම්වල සතුටින් යෙදීමට හැකි වටපිටාවක් පවතින විට ව්‍යායාම්වල යෙදීම සැහැල්ලුවෙන් සිදුකළ හැකිය. මේ ලෝකයේ නව ප්‍රවණතාවක් වන 'Body Bounce' ක්‍රමවේදය මෙරට ව්‍යායාම් කලාවට හඳුන්වා දුන් 'Playmore' පිළිබඳව එය මෙරටට හඳුන්වා දුන් ගයාත්‍රී ගෝපාල් හා ෂමිත හෙට්ටිගේ දැක්වූ අදහස්ය.

''Mini-trampolinesවල සිට ව්‍යායාම්වල යෙදෙන මෙම ක්‍රමවේදය සිංගප්පූරුවේදී දැක ඒ පිළිබඳව අධ්‍යනයකින් පසු එය ලංකාවට ගෙන ඒමට අප දෙදෙනාට අදහසක් ආවා. එයට හේතු වුණේ අපි දෙන්නම වෘත්තීය මට්ටමේ නර්තන ශිල්පීන් ලෙස නිතරම ව්‍යායාම්වල යෙදෙන විට විවිධ ආබාධවලට ලක්වීමට හැකියාවක් පැවතීම. ඒ නිසා අපි 'Mini-trampolines'වල සිට ව්‍යායාම් සිදුකිරීමෙන් ආබාධ පිළිබඳවත් අධ්‍යයනයන් සිදුකළා. මේ 'Trampolines' නිෂ්පාදනය කර තිබෙන්නේ බංජි කෝඩ්ස්වලින් සම්බන්ධ කොටයි. එයින් අපේ Energy එක  Absorb කර ගැනීමක් සිදුවෙනවා. මේ පිළිබඳව සිදුකළ අධ්‍යයනයේදී අපි දැක්කා ලංකාවේ බොහෝ අය ව්‍යායාම කියන දෙය කම්මැලි හා Stressful  දෙයක් විදිහට හිතන බව. බොහෝ දෙනා Office ගිහින් Stress වෙලා සිටිද්දී නැවත Workout කරන එකත් Stress එකක් විදිහටයි දකින්නේ.

නමුත් අපි දැක්කා Trampolinesවල සිට ව්‍යායාම් කිරීම ඉතාම විනෝදජනක දෙයක් වගේම එයින් හොඳ Workout එකක් සිදුවන බව. ඒ අනුව තමයි අපි දකුණු ආසියාවේ පළමුවරට මෙම ව්‍යායාම් ක්‍රමවේදය හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ 'Playmore' නමින් ව්‍යායාම් මධ්‍යස්ථානයක් ආරම්භ කළේ. මේ වනවිට අපේ ප්‍රධාන ශාඛාව කොළඹ 06 සින්සපා පාරේ අංක 64 දරන ස්ථානයේත්, අනෙක් ශාඛාව ඉන්දියාවේ බැංගලෝර්වලත් පවත්වාගෙන යනු ලබනවා.

අපි මෙය ලංකාවට හඳුන්වා දෙන්නට පෙර මාස හයක් සිංගප්පූරුවේදී ඒ පිළිබඳ අධ්‍යයනයන් සිදුකළා. එහිදී අපි අපේ රටට ගැළපෙන ලෙස 'Workout' නිර්මාණය කිරීමක් සිදුකළා. අපි නර්තනයේ යෙදෙන අය නිසා මෙය වඩාත් විනෝදජනක ලෙස නිර්මාණය කරන්නට සමත් වුණා. මේ නිසාම අපිට විශාල ප්‍රතිචාර ලැබෙනවා. අපි මුලින්ම මහරගම ප්‍රදේශයේ තමයි 'Playmore' ශාඛාවක් පිහිටවූයේ. ඒ සමග එකතුවූ අය අපගෙන් ඉල්ලීමක් කළා මෙය කොළඹට රැගෙන එන ලෙස. ඒ අනුව තමයි අපි වර්තමාන ස්ථානයට පැමිණියේ.

අපි සාමාන්‍යයෙන් 'Workout' එකක් කළාම ඇඟට පොඩි අපහසු ගතියක් පසු දිනයේ දැනෙනවා. නමුත් මේ %Trampolines^ එකක  Workout කළාම ඇඟට අපහසුවක් දැනෙන්නේ නැහැ. ඒ නිසාම හැමෝම කැමතියි මේ ක්‍රමවේදයට. Workout කරන්නට සාමාන්‍යයෙන් පවුල පිටින්ම යොමුවන්නේ කලාතුරකින්. නමුත් අපේ මධ්‍යස්ථානයට Workout කරන්න පොඩි ළමයි එක්ක දෙමාපියන්ට වුණත් පැමිණෙන්නට පුළුවන්. 'Mini-trampolines'වල සිට කරන මෙම ව්‍යායාම්වලදී සිදුවන්නේ Body Bouncing එකක්.

වැඩිහිටි අපි කාගෙත් අභ්‍යන්තරයේ පොඩි දරුවෙක් ජීවත් වෙනවා. ඒ නිසාම වැඩිහිටියොත් කැමතියි Bounce වෙන්න. ඉතින් අම්මලා තාත්තලා එක්ක ළමයින්ටත් ඉතා පහසුවෙන් හා ආසාවෙන් ව්‍යායම් කරන්නට හැකි ක්‍රමවේදයක් තමයි මෙහිදී හඳුන්වා දී තිබෙන්නේ. අපි එයට අදාළ විද්‍යානුකූල ක්‍රමවේදයන් පුහුණු කරනු ලබනවා. පොඩි ළමයින්ට සිදුකරන ව්‍යායාම්වලදී අපි Game එකක් කරන ආකාරයට %trampolines^ එක මත %Workout^ කරන්නට ක්‍රමවේදයන් සකස් කර තිබෙනවා. මේ අනුව අවුරුදු 08 සිට ඉහළට ළමුන්ටත් අපිත් එක්ක එකතුවෙලා Workout කරන්නට පුළුවන්. 

යම් කෙනෙක් සිනා වෙද්දී ඔවුන් තුළ තිබෙන මානසික ආතතිය නිදහස් වෙනවා. ඉතින් අපේ Workoutවලට එකතුවන අය මෙතනට ආව වෙලාවේ සිට ඔවුන්ගේ මුහුණුවල අපි දකින්නේ සිනහව පමණයි. Workout එකක් අවසානයේ අපි විනාඩි 5ක් 10ක් අරගෙන භාවනාවක් සිදු කරනවා. එයින් සිදුවන්නේ Office එකේ සිට මානසික ආතතියෙන් අපි ළඟට පැමිණෙන පුද්ගලයා එම ආතතියෙන් මුදවා ගැනීමයි. අවසානයේ Workout නිමකර නිවසට යන්නේ නිවුණු හා උද්‍යෝගී මනසක් සහිත පුද්ගලයෙක්. රැකියා ස්ථානයේ වාඩි වෙලා වැඩ කරන අයට අනිවාර්යෙන් ව්‍යායාම් අවශ්‍යයි. ඉතින් මේ ව්‍යායාම්වල යෙදීම ඉතාම විනෝදජනක ලෙස මෙහිදී සිදුකරන්න පුළුවන්. එයට වයස් සීමාවක් නැහැ. ඒ වගේම ශරීරයේ බර කිලෝ 100කට වැඩි අයට වුණත් අපේ 'trampolines'වල ව්‍යායාම් සිදුකිරීමට හැකියි. 'Playmore' පිහිටා තිබෙන්නේ ගාලු පාර ආසන්නයේ නිසා රැකියාවේ යෙදෙන අයට පහසුවෙන් පැමිණීමට හැකියි වගේම වාහන ගාල් කිරීමටත් පහසුකම් පවතිනවා. ඒ වගේම ඇඳුම් මාරු කරගන්න Workout එකක් අවසානයේ ඇඟ සෝදා ගැනීමටත් පහසුකම් සලස්වා දී තිබෙනවා. 

Playmore වෙතින් Workout සඳහා කාල සටහන් සකස් කර ඇත්තේ රැකියාවන්වල නිරතවන අයටත් පහසුවෙන් පැමිණිය හැකි වේලාවන් සැලකිල්ලට ගනිමින්. උදෑසන හා සවස් කාලයේ සතියේ දින හතේම වැඩිහිටියන් උදෙසා Workout සඳහා කාල වේලාවන් හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම පාසල් යන ළමුන්ට  බදාදා, සිකුරාදා හා සෙනසුරාදා දිනවල හවස 4.30ට Workout සඳහා පැමිණිය හැකියි. Playmore සමග සම්බන්ධ වන්නට කැමති අයට අපේ ෆේස්බුක් පිටුවට හෝ ඉන්ස්ටර්ග්‍රෑම් පිටු හරහා අපිව අමතන්න පුළුවන්. එසේ නොමැති නම් Mindbody app එක හරහා වෙලාවක් වෙන්කර ගැනීමටත් හැකියාවක් තිබෙනවා. පවතින ඉල්ලුමත් සමග ඉදිරියේදී 'Playmore' ශාඛාවන් බත්තරමුල්ල, මීගමුව වැනි ප්‍රදේශවලටත් හඳුන්වා දීමට අදහසක් තිබෙනවා.

නදීශානි පතිරණ

 

 

0 comments

Leave a Reply

Post Comment