කාන්තා ඔබ අප කවුරුත් හැඩැති සිරුරකට කැමැත්තෙමු. හැඩැති සිරුර කාන්තාවට ආභරණයකි. ඒ නිසා කාන්තාවන් සඳහාම වෙන් වූ මීගමුවේ ‘Shape Up Ladies Gym' එක සම්බන්ධව තොරතුරු ගෙන ඒමට තීරණය කළෙමු. ඒ සඳහා එහි පුහුණුකරුවකු වන අසංක එදිරිසිංහ මහතාව සම්බන්ධ කර ගත්තෙමු.

‘Shape Up Ladies Gym' එක පිහිටා තිබෙන්නේ මීගමුව රුක්මණී දේවි රඟහල අසල. අපගේ Shape Up Ladies Gym එක කාන්තාවන් සඳහා පමණක්ම තිබෙන Gym එකක්. මෙහි තිබෙන පහසුකම් ගැන කතා කළොත් Gym එකක් ලෙස Machines වලින් සිදු කරන Workout වගේම Zumba Classes අපි පවත්වනු ලබනවා. ZumbaExercise කරන්නේ Cardio Exercise එකක් ලෙසට. එය ඔබට කැමති විදිහකට තෝරා ගත හැකියි. 

මෙහිදී පුහුණුව ලත් පිරිසක් තමයි පුහුණුවීම් කටයුතු සිදු කරන්නේ. එසේම Zumba ඉගැන්වීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු බලපත්‍රය අපට හිමි අතර, පුහුණුවලත් පුහුණුකරුවන් Zumba ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලබනවා. 

අපේ Gym එකට සහභාගි වන අයට තිබෙන වැදගත්ම කාරණය තමයි අපේ Gym එක පිහිටා තිබෙන තැන.  ඒ ස්ථානය කාන්තාවන්ට ආරක්ෂිත සහ පැමිණෙන්න පහසුම ස්ථානයක්. Gym එකේ පුහුණු කරන්නන්ද කාන්තාවන් නිසා ඔවුන්ට ගොඩක් පහසුයි. මේ හේතුව නිසා මුස්ලිම් වගේම හින්දු කාන්තාවන්ද අපේ Gym එකට පැමිණෙනවා. 

මෙහි විශේෂත්වය වන්නේ සතියට Zumba Classes 10ක් අපි පවත්වනු ලැබීමයි. ඒ සියල්ලම පැයක කාලයක් පවත්වනු ලබනවා. ඒ වගේම Zumba Class එකට පෙර සහ පසු පැය භාගයක අපි Abs Workout කරනවා. කාන්තාවන්ට තිබෙන ප්‍රධාන ගැටලුවක් තමයි බඩ නෙරීම. ඒ ව්‍යායාම් මගින් ඉක්මනින් උදරය ඉදිරියට නෙරීම අඩු කරනවා.  

ඊට අමතරව matching Workout සිදු කරනවා.  කාන්තාවන් වෙනුවෙන් භාවිත කරන විශේෂිත matchings තිබෙනවා. ගොඩක් කාන්තාවන්ට අවශ්‍ය ඉණෙන් පහළ කොටස හැඩ කර ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය කරන වෙනම matchings අපි ළඟ තිබෙනවා. ඊට අමතරව Upper Body එක සඳහා වෙනම matchings අපි ළඟ තිබෙනවා.

අපි හැමෝටම Diet Plane එකක් ලබාදීම සිදුකරනවා. අපි සති දෙකෙන් දෙකට වෙන වෙනම ඒ අයගේ Diet Plane එක ගැන කතා කරනවා. අපි Supplement කියන කාරණය බොහෝ විට අනුමත කරන්නේ නැහැ. අවශ්‍යම වුවහොත් පමණයි අපි අනුමත කිරීම සිදුකරන්නේ.

අපේ  Gym එක උදෑසන 6.00 සිට දහවල් 12.00 දක්වා විවෘතව පවතිනවා. නැවත හවස 3.00 සිට රාත්‍රී 9.00 දක්වා විවෘතව පවතිනවා. බොහෝ විට කාර්යාලවල සේවය කරන පිරිස සහභාගි වන්නේ සවස් කාලයේ. ඒ වගේම  Zumba Workout එක උදෑසන 8.30 සිට 9.30 දක්වාද සවස 6.30 සිට 7.30 දක්වා පවත්වනු ලබනවා. 

0 comments

Leave a Reply

Post Comment