චෙන් මයිෆෙන්, හැටතුන් හැවිරිදිව සිටියත් Hottest aunt in Taiwan ලෙස ඇයව මාධ්‍ය හඳුන්වන්නේ ඇයගේ සුන්දර පෙනුම නිසාමයි. ලූනාර් අලුත් අවුරුද්ද වෙනුවෙන් බැබළෙන විලාසිතාවකින් සැරසී ඇය තම ෆේස්බුක් පිටුවේ පළකළ ඡායාරූපයට ලද ප්‍රතිචාරනම් අතිමහත්. මේ වන විට ඇයගේ ෆේස්බුක් පිටුවේ අනුගාමිකයින් මිලියන අඩක ප්‍රමාණයක් එක්ව සිටින්නේ ඇයගේ තරුණ පෙනුමට වශී වීම නිසායි. ඇය හැටතුන් වන වියේ පසුවූවත් බොහෝ තරුණයින් එය සැබෑවක් යැයි විශ්වාස කිරීමට පවා නොහැකිව සිටින පසුබිමක් තුළ ඇයගේ තරුණභාවය රැකි රහස් පසුගිය දිනක ඇය හෙළිකර තිබුණා.

එරට රූප රාජිනියක ලෙස 40 වැනි වියේදී කිරුළ දැරූ ඇය වර්තමානයේ රූපවාහිනී නිවේදිකාවක ලෙස කටයුතු කරනවා. ඇය පවසන පරිදි ඇගේ තරුණ බව වියැකී නොයෑමට හේතු වී ඇත්තේ ඇය විසින් සෑම උදෑසනකම ඉඟුරු යෙදූ සුප් පානයට ගැනීමයි. එසේම ඇය අතුරුපස ලෙස දූරියන් අයිස්ක්‍රීම් ආහාරයට ගැනීමට හුරුව සිටීමත් යෝග ව්‍යායාම්වල යෙදීමත් එයට හේතුවී ඇති බව ඇය පවසනවා.

එසේම ආහාර ගැනීමෙන් පසු සෙමින් ඇවිදීම මගින් ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරන බවත් ඇය පවසනවා. නිතරම උස් අඩි පාවහන් පැලඳීම සිදුකරන බැවින් තමන්ගේ දේහ බර කිලෝ 52ක සීමාවේ පවත්වාගෙන යන්නට උත්සාහ දරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරනවා. පෙර විවාහයෙන් දික්කසාදව තනිව වාසය කරන ඇය ඇයට සුදුසුම ජීවන සහකරු හමුවන තුරු බලා සිටිනවා. නමුත් බොහෝ දෙනා තමන්ගේ පෙනුම අවුරුදු තිස්ගණනක වෙතැයි සිතා යෝජනා ගෙනාවද තමන්ගේ නියම වයස දැනගත් පසු එම යෝජනා ඉවත් කරගන්නා බවද ඇය පවසනවා.

නදීෂානි පතිරණ

0 comments

Leave a Reply

Post Comment