මෙරට පැවැත්වෙන ප්‍රමුඛතම මංගල ප්‍රදර්ශනය වන ‘The wedding Show' මෙවර 13 වැනි වරට කෙළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පෙබරවාරි මස 14,15,16 යන තෙදින තුළ පැවැත්වීමට නියමිතය. 

‘Asia exhibition and Convention' සමාගම මගින් සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය මෙවර ‘සිරස සුභාසිරි' වැඩසටහන සමග අත්වැල් බැඳගෙන තිබේ. 

ඒ අනුව මෙම ප්‍රදර්ශනයට පැමිණෙන විවාහපේක්ෂිත යුවළ අතරින් සිදුකරන කුසපත් ඇදීමක් හරහා ඔවුන්ගේ විවාහ අවස්ථාව සඳහා අවශ්‍ය සියලුම දෑ නොමිලයේ ලබාදීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක්ද සංවිධානය කර තිබේ. මෙම ප්‍රදර්ශනය සඳහා මංගල උත්සව ක්‍ෂේත්‍රයේ සේවා සපයන දිවයිනේ ප්‍රමුඛතම ආයතනවල කුටි එක්කර තිබේ.

නදීශානි පතිරණ / ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු

 

0 comments

Leave a Reply

Post Comment