MV5BMTY4MDU2ODA1NF5BMl5BanBnXkFtZTgwMzkxNTgyMDI@._V1_SX1500_CR0,0,1500,999_AL_

හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ විප්ලවීය වසරක් වූ මෙම වසරේ එළිදැක්වීමට ඇති චිත්‍රපට අතරින් තවත් සුවිශේෂී චිත්‍රපටයක් පිළිබඳව මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. %ට්‍රාන්ෆෝමර්^ චිත්‍රපට මාලාවත් සමග ඇතිවූ රොබෝ උන්මාදය නැවතත් ඇති කිරීමට හොලිවුඩ් සිනමාවට හැකියාව ලැබී ඇති බව පැවසිය යුතුය. A-X-L නම් නවතම චිත්‍රපටය පිළිබඳව මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ පසුගියදා එහි ප්‍රචාරක පටය එළිදැක්වීමත් සමගිනි. 

තාක්ෂණික මට්ටමෙන් ඉහළ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය රොබෝ සුනඛයෙකු වටා නිර්මාණය වී අතර %ට්‍රාන්ෆෝමර්^ චිත්‍රපටයට පසු නිර්මාණය වන තාක්ෂණික මට්ටමෙන් ඉහළ චිත්‍රපටයක් ලෙස මෙය හඳුන්වනු ලබයි. A-X-L (2018) නම් මෙම චිත්‍රපටය සඳහා නවක නළු නිළි දෙපළක් දායකවීමත් මෙම චිත්‍රපට පිළිබඳව කතාබහට ලක්වීමට හේතුවී තිබේ. 

ඇලෙක් නෙස්ටෙඩ්ටර් සහ බෙකී ජී නම් නවක තරු දෙපළ මෙහි රංගනයෙන් දායක වෙති. A-X-L චිත්‍රපටයේ ප්‍රචාරක පටය පසුගියදා අන්තර්ජාලයට එක්වූ අතර, මේ වනවිට එම ප්‍රචාරක පටය විශාල නැරඹුම් සංඛ්‍යාවක්ද වාර්තා කරනු ලබයි. එම කාරණාවත් සමගින් මෙම නළු නිළි දෙපළ පිළිබඳවද විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කරයි.

මෙම චිත්‍රපටය හැඩ කරන ප්‍රධාන නිළිය වන බෙකි ජී ගායිකාවක ලෙස බොහෝ ප්‍රසිද්ධියට පත්ව තිබේ. රෙබේකා මාරි ගෝමස් වන ඇය ගායිකාවක ලෙස කටයුතු කිරීමේදී ඇයව බොහෝ දෙනා හඳුන්වන්නේ බෙකී ජී නමිනි. 2008 වසරේදී ඇයට රංගනයට අවස්ථාවක් උදාවන අතර ඒ La estacion de la Calle Olvera නම් රූපවාහිනි චිත්‍රපටයක් සඳහාය. එම කාර්යයෙන් පසුව ඇයට කෙටි චිත්‍රපටයක් සඳහාද එම වසරේ අවස්ථාව උදාවී තිබිණි. 2011 වසරේදී ඇය ගායනට පිවිසෙන ලද්දේ ‍Dr ලූක් විසින් නිෂ්පාදනය කරනු ලැබූ ගීතයක් නැවත ගායනා කරමින් අන්තර්ජාලයට එක්කිරීමත් සමගිනි. එම කවර් ගීතයට ලැබුණු විශාල ප්‍රතිචාරය හේතුවෙන් ඇයට ගායන ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වීමේ වරම හිමිවන අතර ඇයට ගීත ඇල්බමයක් නිෂ්පාදනය කිරීමට අවස්ථාව උදාවන්නේ කෙමොසාබේ රෙකෝඩ්ස් සහ RCA රෙකෝඩ් ලේබල් යටතේය.  

becky-g-spl827354_017

මේ ආකාරයෙන් ගායන ලෝකය තුළ කටයුතු කිරීමේදී ඇය 2011 වසරේදී සිනමාවට පිවිසීමට අවස්ථාව හිමිකර ගනී.
 2011 වසරේ තිරගත වූ House of Sin නම් චිත්‍රපටය ඔස්සේ ඇයට සිනමා වරම් හිමිවිය. එම චිත්‍රපටයෙන් පසුව ඇය රංගන ශිල්පිනියෙකු ලෙසත්, ගායිකාවක ලෙසත් කටයුතු කළාය. 2014 වසරේදී ඇයට රූපවාහිනි කතාමාලාවන් තුනක් සඳහා අවස්ථාව උදාවිය. 2016 වසරේදී ඇයගේ ගායන හැකියාවට සම්මානයක් හිමිවිය. ඒ 2016 පැවැති Latin American Music Awards නම් සම්මාන උළෙලේදී Favorite Pop/Rock Female Artist ලෙස සම්මානයකට පාත්‍ර වෙමිනි. 2015 වසරේදී පැවැති Premios Juventud නම් සම්මාන උළෙලේදී ඇයගේ කුලුඳුල් ගීතය වන Shower ගීතයට Favorite Hit නම් සම්මානයෙන් පිදුම් ලැබීය. 

2015 වසරේදී ඇය නැවත රූපවාහිනි කතාමාලාවන් දෙකක් සඳහා රංගනයෙන් දායක විය. ඒ Austing & Ally සහ Empier නම් රූපවාහිනි කතාමාලාවන් සඳහාය. 2016 වසරේදී Premios Juventud නම් සම්මාන උළෙලේදී Best Style නම් සම්මානයෙන් ඇය පිදුම් ලැබූ අතර 2011 වසරේ ඇය සිනමාවට සම්බන්ධ වූ නමුත් නැවත සිනමා නිර්මාණයක් සඳහා අවස්ථාව උදාවන්නේ 2017 වසරේ තිරගත වූ %පවර් රේන්ජර්ස්^ නම් චිත්‍රපටය ඔස්සේය. 2018 වසරේ තිරගත වීමට නියමිත %Gnome Alone^ නම් චිත්‍රපටයෙන් ඇයගේ රංගනය නැවත වරක් දැකගැනීමට හැකියාව ලැබෙන අතර, A-X-L නම් චිත්‍රපටය ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව තිබේ. 

මෙම චිත්‍රපටය පිළිබඳව බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුව ඇත්තේ තාක්ෂණික මට්ටමෙන් ඉහළ චිත්‍රපටයක් වීම සහ විශාල පිරිවැයක් මෙම චිත්‍රපටය සඳහා යොදවා තිබීම නිසාය. කෙසේ වුවත් හොලිවුඩ් චිත්‍රපට ඉතිහාසයට අලුත් වාර්තාවක් එක් කිරීමට මෙම චිත්‍රපටයට හැකියාව ලැබෙනු ඇති බවට චිත්‍රපට විචාරකයෝ මත පළ කර සිටිති.

MV5BMTUzMjg0MjgxMF5BMl5BanBnXkFtZTgwMzkyNDM5NjE@._V1_SY1000_CR0,0,666,1000_AL_

0 comments

Leave a Reply

Post Comment