ප්‍රවීණ සාහිත්‍යධර ටෙලිනාට්‍ය, සිනමා තිර රචක, පුවත්පත් කලාවේදී සෝමවීර සේනානායක මහතා ඊයේ (09දා) අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතාගේ අවසන් කටයුතු හෙට (11දා) මහරගම පොදු සුසාන භූමියෙදී සිදු කිරීමට නියමිතය.

පුවත්පත් කලාවේදියෙකු (1966) ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ හෙතෙම 1972දී මාවතේ ගීතය නවකතාවෙන් නවකතාකරණයට පිවිසේ. පොදුජන හදවතට සමීප වූ  කතා රසයෙන් යුත් නවකතා රැසක් ශ්‍රී ලාංකේය සාහිත්‍යයට  දායාද කළ සෝමවීර සේනානායකයන්ගේ ප්‍රථම ටෙලි තිර රචනය ලෙස ඔහුගේම නවකතාවක් ඇසුරින් ලියැවුණු  යශෝරාවය ජන හදවත් ස්පර්ශ කිරීමට සමත් විය.

ඉන් නොනැවතුණු ඔහු අතින් ටෙලිනාට්‍ය තිර රචනා 200කට අධික සංඛ්‍යාවක්ද සිනමා තිර රචනයන්ද රචනා වූවේය.  ටෙලිනාට්‍ය තිර රචනා අතර, පළිඟු මැණිකේ, දූදරුවෝ, අසල් වැසියෝ වැනි ටෙලි නිර්මාණ අදටත් ප්‍රේක්ෂක මනසේ සදානුස්මරණීයව නොමැකී පවතී. ඔහු සමස්ත ජීවිතය සාහිත්‍ය කලාව වෙනුවෙන්ම කැප කළ අතර ශ්‍රී ලාංකේය සාහිත්‍ය ලකුණ සනිටුහන් කළ අපේ කාලයේ සුවිශේෂ සාහිත්‍යධරයෙකි.

මියයන විට 74 වැනි වියේ පසුවූ සෝමවීර සේනානායකයන්ගේ දේහය මේ වන විට බොරලැස්ගමුව එතුමාගේ නිවසේ තැන්පත්කොට ඇති අතර අවසන් කටයුතු හෙට (11දා) මහරගම පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

 

ADAADA

 

 

 

 

 

 

 

 

 

0 comments

Leave a Reply

Post Comment