daisy

රේස් චිත්‍රපට මාලාවේ තෙවැන්න එළඹෙන ජුනි මාසයේ තිරගත වීමට නියමිතය. එහි ප්‍රචාරක පටය පසුගියදා (15දා) එළිදැක්විණි. 2008 වසරේදී මුලින් තිරගත වූ රේස් චිත්‍රපටයේ දෙවැන්න 2013 වසරේ තිරගත විය. 

කෙසේ වුවද රේස් තෙවැන්නේ ප්‍රධාන චරිතයට සයිෆ් අලි ඛාන් රංගනයෙන් දායක නොවන අතර, එහි ප්‍රධාන චරිතය සඳහා සල්මන් ඛාන් දායක වෙයි. සල්මන් ඛාන් සමග ජැකලින් ෆර්නැන්ඩස්, අනිල් කපූර්, බොබි ඩියෝල්, ඩේසි ෂා සහ සකීබ් සලීම් මෙහි ප්‍රධාන 
චරිත මවති.  

කෙසේ වුවද මෙහි ප්‍රධාන චරිතය සඳහා ඩේසි ෂා තෝරාගැනීම පිළිබඳ බොහෝ දෙනෙක් කතාබහ කරති. එයට හේතුව වන්නේ ඩේසි ෂා සිනමාවට හඳුන්වා දුන්නේ සල්මන් ඛාන් විසින් වීම සහ, රේස් තෙවැන්නේ සල්මාන් ඛාන් නිෂ්පාදකවරයෙකු ලෙසද කටයුතු කිරීම හේතුවෙනි. 

Ahakzai-Fashion-Preview-HD-Image-(1)

ඩේසි ෂා සිනමාවට පිවිසෙන්නේ 2003 වසරේ තේරේ නාම් චිත්‍රපටයත් සමගිනි. එහි සල්මන් ඛාන් සමග අයිටම් ගීතයක් හරහා ඇයට සිනමාවට පිවිසීමට වරම් හිමිවිය. ඉන්පසු 2004 වසරේදී තිරගත වූ %මස්ති^ චිත්‍රපටයද අයිටම් ගීතයකට නර්තනයෙන් දායක වන ඇය, 2006 වසරේ තිරගත වූ හම්කෝ දීවානා කර්ගයේ නම් චිත්‍රපටයේ ගීත සඳහාද දායකව තිබේ.

2007 වසරේ තිරගත වූ Pori^නම් දමිළ චිත්‍රපටය සඳහා එක්වන ඇය එම චිත්‍රපටය සමගින් දමිළ සිනමාවටද පිවිසියාය. කෙසේ වුවද දැන් බොලිවුඩයේ ජනප්‍රිය නර්තන ශිල්පිනියක වන ඇය, බොලිවුඩයේ චිත්‍රපට ගීත නර්තන රචකයෙකු වන Ganesh Acharyaගේ නර්තන සහකාරියක ලෙස වසර 10ක් කටයුතු කර ඇත.

2010 වර්ෂයේදී Vandae Maatharam දමිළ චිත්‍රපටයෙහි අතිරේක චරිතයකට එක්වන ඇය, එම වසරේදීම Department, Khuda Kasam යන හින්දි චිත්‍රපට සඳහාද රංගනයෙන් දායක විය. 2011 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා චිත්‍රපට 05ක අතුරු චරිත සඳහා ඩේසි ෂා රංගනයෙන් දායක වී තිබේ.

2014 වර්ෂයේදී සල්මන් ඛාන්ගේ චිත්‍රපටයක් වන Jai Ho චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ඇය තමන්ව සිනමාවට හඳුන්වාදුන් පුද්ගලයා ලෙස හඳුන්වන්නේ සල්මන් ඛාන් ය. 2014 වර්ෂයේදීම එළිදැක්වූ Spark චිත්‍රපටයට රංගනයෙන් දායක වන ඇය, එම වසරේම කර්ණාටක චිත්‍රපටයක් වන Aakramana සඳහාද දායක වූවාය

2015 වර්ෂයේදී ඇය Hate Story 3 චිත්‍රපටය සඳහා එක්වන අතර, ඩේසි නැවත සිනමා නිර්මාණයක් ඔස්සේ දැක බලාගැනීමට හැකියාව ලැබෙන්නේ 2017 වසරේ තිරගත වූ Ramratan චිත්‍රපටයත් සමගිනි. ඉදිරියේදී එළිදැක්වීමට නියමිත රේස් තෙවැන්න හරහා ඇගේ රසික පිරිසට ඩේසිගේ රංගන හැකියාව දැක බලාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයිද විදෙස් වෙබ් අඩවි සඳහන් කරයි.

daisy_shah_27216_43 Daisy-Shah-1 daisy-shah-photoshoot-4

0 comments

Leave a Reply

Post Comment