ඉරාජ් වීරරත්න විසින් නිෂ්පාදනය කරනු ලැබූ 'නොනැවතී' ගීතය පසුගියදා අන්තර්ජාලයට එක්වුණු නවතම ගීතයයි. මෙම ගීතයේ පසුපස ඇත්තේ විශාල ව්‍යාපෘතියකි. රණවිරුවන් වෙනුවෙන් නිර්මාණය වූ එම ගීතය ඔස්සේ උපයන සෑම මුදලක්ම අප රටේ අසරණභාවයට පත් වූ රණවිරුවන්ගේ සුභසාධනයට වෙන්කර තිබේ. නමුත් ඉරාජ් සිතූ පරිදි මෙම ගීතයට සාධාරණයක් නොවීය. එම කාරණාව සහ මෙම ව්‍යාපෘතිය පිළිබඳව කතාබහ කිරීමට ඉරාජ් වීරරත්න 'අද' සමග මෙලෙස එක්විය.


B16317DE-95AF-47FE-8D20-9E716670A998

රණවිරුවන් වෙනුවෙන් නිර්මාණය වූ 'නොනැවතී' ගීතය ගැන මුලින්ම කතා කළොත්?

පහුගිය අවුරුදු කිහිපය තුළම මාධ්‍ය ඔස්සේ දැක්කා පාරට බැහැලා එක එක ඉල්ලීම් කරනවා, උද්ඝෝෂණ කරනවා. ඉතිං කලාකරුවෙක් විදිහට හිතුවා එළියට බැහැලා මේ කාරණාව දිහා බලන්න. මොකද ඒ දේ තුළත් දෙපැත්තක් තියෙන්න පුළුවන් නිසා. මාතර, ගාල්ල පැත්තෙ ගොඩක් අය කිව්වේ, ඒ අය යුද්ධෙ දින්නයින් පස්සේ යුද ජයග්‍රහණය වෙනුවෙන් සින්දු විශාල ප්‍රමාණයක් කළා කියලා. දැන් වෙද්දි ඒ සමහර රණවිරුවන්ගේ බිරින්ඳෑවරු දාල ගිහිල්ලා. සමරහ අයගේ අත් නැහැ, ඇස් පේන්නෙ නැහැ. මට හම්බුණා කෙනෙක්ව, එයාගේ බිරිඳ දාල ගිහිල්ලා. අවුරුදු 07ක ළමයා තමයි එයාට කවන්නේ පොවන්නේ. ඉතිං මේ රණවිරුවෝ ලංකාවේ කලාකරුවන්ට ගිහිල්ලා කියල තියෙනවා අපේ මේ ඉල්ලීම් වලට ගීතයක් කරන්න කියලා.

මේ අයගේ ඇස් ඇරවන්න ඕනෙ කියලා. අප රටේ ජනප්‍රිය කලාකරුවෝ පිරිසක් කියල තියෙනවා 'දැන් රණවිරුවන්ව මාර්කට් කරන්න බැහැ' කියලා. ඒ කතාවට මට ගොඩක් දුක හිතුණා. මට හිතුණා මේ අයගේ කතාව එළියට ගේන්න ඕනේ කියල. අපේ ප්‍රබල ඇමති කෙනෙකුත් එක්තරා කතාවක් කියල තිබ්බා. රණවිරුවන් විතරක් නෙවෙයි සාමාන්‍ය මිනිස්සුත් නැතිවුණා කියලා. ඒ කතාවත් එක්ක දුක එළියට ගේන්න ඕනේ කියල හිතුණා. ඒක නිසයි මම මේ වීඩියෝව කළේ.

මේ ගීතය ඔස්සේ ලැබෙන සියලු මුදල් රණවිරුවන්ගේ ප්‍රතිපාදන සඳහා වෙන්කරන කතාව සත්‍යයක්ද?

ඔව්, මේ වීඩියෝවේ රිගින් ටෝන් වලින් ලැබෙන හැම රුපියලක්ම රණවිරුවන්ගේ සුභසාධනයට තමයි වෙන් වෙන්නේ. ආණ්ඩුවෙන් මේ දේවල් කරනවා, කරනවා කියලා බලන් ඉන්නෙ නැතිව මිනිස්සුන්ටත් වගකීමක් තියෙනවා කියල හිතෙනවා. අපි හැම තිස්සේම හැමදෙයක්ම ආණ්ඩුව පිටටනේ දාන්නේ. නමුත් මේක අපෙත් වගකීමක්. අපි නිදහසේ ඉන්නේ මේ අය හින්දා. ඒ නිසා මෙහෙම දෙයක් හැදුවා.

B044A54E-829B-41CF-8512-CD944F21FCD3

ගීතය හිතුව තරම් ඉදිරියට ආවේ නැහැ නේද?

අද වෙද්දී අංක එකේ ට්‍රෙන්ඩින් වීඩියෝව වෙලා තියෙනවා. හැබැයි දුකට කාරණය තමයි මගේ අනිත් ගීත, ඒ කියන්නේ 'සිල් බිඳගත්තේ. ගීතය ලක්ෂ අසූවක් ගිහිල්ලා තියෙනවා. අද මේ වෙනකොට මේ ගීතය ලක්ෂ දෙකහමාරක් තමයි බලල තියෙන්නේ. 

මෙවැනි ව්‍යාපෘති සඳහා කලාකරුවන්ගේ දායකත්වයක් ලැබෙන්න නැද්ද?

නැහැ. මොකද මේවා මාර්කට් වෙන්නෙ නැහැනේ. ඒ අයට වාසි නැහැනේ. මේ වෙලාවේ ඒ අයට රණවිරුවෙක්ගෙන් ජනප්‍රිය වෙන්නත් බැහැ. ඇත්තටම මම හරිම අමාරුවෙන් කරපු ව්‍යාපෘතියක් මේක. කවුරුත් මට උදව් කළේ නැහැ. කවුරුත් අනුග්‍රහයක්වත්, සල්ලි දාන්නවත් ආවේ නැහැ. රණවිරුවෝ ගැන සින්දුවක් කිව්වම අනුග්‍රහකයෙක්වත් ඉදිරිපත් වුණේ නෑ. මොකද මේ වෙලාවේ ගොඩක් අය බයයි. රටේ ඉන්න නායකයෝ පවා සංහිඳියාව කියලා දේවල් පෙන්නනවනේ. රටේ යුද ජයග්‍රහණ පවා අද වෙද්දි නතර කරලනේ තියෙන්නේ. ඉස්සර අපි දැක්කා යුද ජයග්‍රහණ ලොකුවට සමරනවා. අද වෙද්දි ඒ දේවල් නැහැ. ඉතිං කලාකරුවොත් මේකට මැදිහත් වුණේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම මමම අතින් සල්ලි දාලා කරපු ව්‍යාපෘතියක්.

20622032_10159120937765203_7670273597351829670_n

මේ දේවල් තුළින් ආණ්ඩුවේ දේවල් ඔබ විවේචනය කරනවා කියලා චෝදනා එල්ල වෙන්නෙ නැද්ද? 

මේ ආණ්ඩුවේ විතරක් නෙමෙයි, කලින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තිබ්බ කාලෙත් 'ගේමක් දීලා' සින්දුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඇමතිලා කරන වැඩ ගැන පෙන්නුවා. 'පොලීසිය' ගැන ගීතයක් නිර්මාණය කළා. යුද්ධ කාලේ හැදුවා 'ජේ ටවුන් ස්ටෝරි' කියලා අපේ දමිළ ජනතාවට වෙන අසාධාරණය ගැන ගීතයක්. මම මේ ආණ්ඩුවට ගහනවා කියල දෙයක් නැහැ. කලාකරුවෙක් හැටියට මේ ආණ්ඩුවට විතරක් නෙමෙයි 2020න් පස්සේ එන ආණ්ඩුවෙත් වැරදි අපි පෙන්වන්න ඕනේ. එක ආණ්ඩුවකට කඩේ ගිහිල්ලා වෙන අසාධාරණ ගැන කතා නොකර ඉන්නවා නම් කලාකරුවෙක් හැටියට අපෙන් වැඩක් නැහැ. 

වර්තමානයේ ඔබේ ගීත ඔස්සේ පෙන්වන දේවල් හේතුවෙන් 'ආණ්ඩු විරෝධී' ලේබයල වැදුණොත්?

ලේබල් වදින්න ඕනෙ නැහැ. ආණ්ඩුවට විරුද්ධව ගැහැව්වද? පක්ෂව ගැහැව්වද? කියන දේ වැඩක් නැහැ. මම සින්දුවේ දැන් යන රියලිටි එක තමයි පෙන්නුවේ. මට මතකයි යුද්ධය දින්නයින් පස්සේ අප රටේ සින්දු කීයක් හැදුණද. යුද ජයග්‍රහණය කියලා, අපේ වීරයෝ කියලා කිරිබත් කෑවා. ටීවී වල රණවිරුවන් වෙනුවෙන් වෙළෙඳ දැන්වීම ගියා. ආයතනවලින් ඒ වෙනුවෙන් කොච්චර සල්ලි වියදම් කළාද? දැන් රණවිරුවෝ කියන දේ ගණන් ගන්නේ නැහැ. එච්චර දෙයක් ඕනෙ නැහැ, මම මේ කරපු මියුසික් වීඩියෝව අංක එකට ට්‍රෙන්ඩින් ආවට බොහෝම අඩු පිරිසක් තමයි බලල තියෙන්නේ. මම ඒකයි කලින්ම කිව්වෙත් මේ මියුසික් වීඩියෝව බලනවිට ලැබෙන හැම මුදලක්ම යන්නේ මේ රණවිරුවන්ට කියලා. මගේ මියුසික් වීඩියෝවක් තියෙනවා 'දැනුණා' කියලා. ඒක පැය 24න් මිලියනයක් බැලුවා. මේක දවස් හතරක් වෙලත් තාම ලක්ෂ දෙකයි ගාණයි. අද බලන්න ට්‍රෙන්ඩින්වල තියෙන වීඩියෝ මොනවද කියලා. එතකොට තේරෙයි අද රටේ තත්ත්වෙ මොකක්ද කියලා. 

6

ඒ කියන්නේ ලංකාවේ අය ඒ වෙලේට බොරුවට කෑ ගැහැව්වත්, කරන්නේ වෙනත් දේවල්ද?

ඔව්, ඒ හින්දා තමයි මම අද වෙනකන් ඒ දේවල් වලට ගැහැව්වේ. මවාගෙන ඉන්න රාමුව කඩන්න දේවල් කළේ. බලන්න මේ සිංදුවට කවුරුත් විශ්ලේෂණ ලියනවද කියලා. පහුගිය දවස්වල දැක්කා ටෙලිනාට්‍ය රචකයෝ එහෙම අම්මෝ මට කොච්චර බැණලා ලිව්වද? අම්මා, තාත්තා මතක් කරලා ලිව්වේ. මේ සින්දුවට මේ වගේ දේවල්වලට කවුරුත් මුල පුරන්නේ නැහැනේ. අඩු ගාණේ ෆේස්බුක් එකේ ෂෙයාර් කරන්නෙවත් නැහැ. ඇත්තටම මේ රටේ කුණු තමයි මාර්කට් වෙන්නේ. මේ රටේ දැන් රණවිරුවන් ගැනවත් බලන්නේ නැහැ. මෙච්චර සේවයක් කරපු මිනිස්සුන්ව මම ඒ වීඩියෝවේ පෙන්නුවේ ඒකයි. ඊයේ පෙරේදා වෙනකොට ගම්වල ගොඩක් අය කතා කරලා අඬනවා. අපේ මේ ගම්වලට මේ මිනිස්සු ආවේ ඇඟේ කෑලි නැතිව පෙට්ටිවලයි කියල ඔවුන් කියනවා. එහෙම වුණ අයව දැන් බලන්නෙ නැහැ නේද කියලා අහනවා. 

මේ කාරණාව ගැන කාටද චෝදනා කරන්නේ?

මේ අපේ මිනිස්සුන්ගේ හැටියක්. සිංහල ජාතියේ හැටියක්. අපි මුල අමතක කරන ජාතියක්නේ. ඒකනේ අනගාරික ධර්මපාලතුමත් කියල තියෙන්නේ අපේ මේ සිංහල ජාතිය මුල අමතක කරන කම්මැලි ජාතියක් කියලා. ඒකනේ අපි දුප්පත් රටක් වෙලා තියෙන්නේ. අනික් මිනිස්සුන්ට හූල්ලන කට්ටියක් වෙලා තියෙන්නේ. මම මේ කියන්නේ හැමෝම ගැන නෙමෙයි. එක් පිරිසක් ගැන. ඇත්තටම අපි ඉදිරියට මේ දේවල් වෙනස් කරගෙන යන්න ඕනේ. 

ඔබේ නිර්මාණ ඔස්සේ කඩන රාමුව තුළින් මේ ක්‍රමය හදන්න පුළුවන්ද?

ඒක හදලා තියෙන්නේ. ගොඩක් වෙලාවට මම මියුසික් වීඩියෝවක් කළාම ඒකෙ අන්තර්ගතයට බණිනවා. ගොඩක් වෙලාවට ඒකෙ ගොඩාක් පණිවුඩ දාලා තියෙනවා. රණවිරුවන්ට කරපු වැඩෙත් ගෑනු ළමයෙක් කොටට ඇඳලා හිටිය නම් එහෙම අද වෙද්දි ලක්ෂ 100ක් විතර බලලා. අපේ මිනිස්සුන්ගේ බලන කෝණයේ වැරැද්දක් තියෙනවා. 

08175F61-BDB5-4D36-82DC-8AB44FBF1539

ඉදිරිය ගැන කිව්වොත්?

ඉදිරියේදීත් මේ රණවිරුවන්ගේ ව්‍යාපෘතිය මම දිගටම කරගෙන යනවා. මේ සින්දුව බැලුවත් නැතත් මම පදනමක් හදලා, රණවිරුවන්ව එකතු කරගෙන ඒ අයත් එක්ක පොඩි වැඩ වගයක් කරනවා. දකුණු පළාතේ ගොඩක් අය තමයි මාත් එක්ක මේ වෙලාවේ එකතුවෙලා තියෙන්නේ. ඒ අය එක්ක මේ වැඩේ දිගටම කරගෙන යනවා. මගේ තව අලුත් ගීතත් එනවා. මගේ වැඩ ගොඩක් කරන්නේ මේ සෝෂල් මීඩියා හරහා. මේ වගේ ව්‍යාපෘතිවලට කවුරුත් උදව් වෙන්නේ නැහැ. අඩු ගාණේ මාධ්‍ය තුළින්වත් සහයෝගයක් නැහැ. මම හිතන්නේ මේ දේවල් මාර්කට් වෙන්නෙ නැහැ. ගොසිප් සයිට් වලට මාර්කට් කරන්න බැහැ. 

වෙන සිංදුවක් දැම්මාම වගේ ෆේස්බුක් පේජ්වලින් මේවට ගහනවාද?

අද වෙනකොට මේ ගීතය ගොසිප් සයිට් එකකවත්, පේජ් එකකවත් නැහැ. කිහිපයක විතරයි තියෙන්නේ. එතනින්ම බලන්න පුළුවන් අපේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය. 

 8037F991-5056-412C-A661-6EFAEF376DA4   A882B58D-E7DB-4FCC-95D1-0194E3464BFF  

 

0 comments

Leave a Reply

Post Comment