ටෙලිනාට්‍ය නිර්මාණ අළෙවි කිරීමේදී 14% ක බදු මුදලක් අය කිරීමට කටයුතු කිරීම පිළිබඳව පවතින තත්ත්වය නිවැරදි කර, 14‍% ක එම රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට කටයුතු කරන ලෙස අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන මෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යවරයා වෙත උපදෙස් දෙයි.

මේ අතර නව බදු ප‍්‍රතිපත්තිය හේතුවෙන් දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් කලා ක්ෂේත‍්‍රවල ඉදිරි ගමනට යම් බාධාවන් එල්ලවී තිබේ නම් අදාළ ආයතන සමග සාකච්ඡා කර ඊට සාධාරණ විසඳුම් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

සිනමා, ටෙලිනාට්‍ය ඇතුළු අනෙකුත් කලා ක්ෂේත‍්‍ර නියෝජනය කරන සංගම්වල නියෝජිතයින් ඇතුළු කලාකරුවන් පිරිසක් සමග අද (06දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

රජයේ නව බදු ප‍්‍රතිපත්තිය හේතුවෙන් නිර්මාණකරණයේ යෙදීමේදී තමන්ට මුහුණදීමට සිදුව තිබෙන ගැටලූ පිළිබඳ මෙහිදී දිර්ඝ වශයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කලාකරුවන් කටයුතු කර ඇත.

01

 

0 comments

Leave a Reply

Post Comment