ව්‍යාපාරයක කීර්ති නාමය ආරක්ෂා කර ගැනීම හා එය වර්ධනය කර ගැනීම ව්‍යාපාරයකට අත්‍යාවශ්‍යම දෙයකි. ව්‍යාපාරවල යෙදී සිටින කාන්තා ඔබට මෙවර ඒ පිළිබඳ අදහස් ගෙන එනු ලබන්නේ Business Consultation ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන Small Business Strategy Consultantsහි නිර්මාතෘ සුරන්ත සිල්වා විසිනි.

​ව්‍යාපාරයේ කීර්ති නාමය ( Company Reputation) අස්පෘෂ්‍ය දෙයක් වුවත් එය වර්ධනය කර ගැනීම හා ආරක්ෂා කර ගැනීම ව්‍යාපාරයකට ඉතා වැදගත් ක්‍රියාවක් වේ. ඉතා ශක්තිමත් කීර්ති නාමයක් පවත්වාගෙන යෑම මගින් ව්‍යාපාරයකට තම Corporate Worth එක වැඩිකර ගැනීමටත්, ඉතා ශක්තිමත් තරගකාරීත්වයේ වාසියක් (Sustainable Competitive Advantage) අත්පත් කර ගැනීමටත් හැකිවේ.

ඉතා ශක්තිමත් ව්‍යාපාර කීර්ති නාමයක් පවත්වාගෙන යෑම ව්‍යාපාරයකට තම ව්‍යාපාර අරමුණු ඉතා සාර්ථකව ඉටුකර ගැනීමට ඉවහල් වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ Burson Marsteller ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ව්‍යාපාරවල Chief Executives නිලධාරීන්ගෙන් 95%ක් සඳහන් කරනුයේ ඉතා ශක්තිමත් ව්‍යාපාර කිර්ති නාමයක් පවත්වාගෙන යෑම තම ව්‍යාපාරවල ව්‍යාපාර අරමුණු ඉතා සාර්ථක ලෙස ඉටුකර ගැනීමට ප්‍රබල පිටිවහලක් වන බවයි.

මේ අනුව බලන කල ඉතා ශක්තිමත් ව්‍යාපාර කීර්ති නාමයක් පවත්වාගෙන යෑම ව්‍යාපාරයකට ඉතා වැදගත් සාධකයක් වන අතර, පහත ක්‍රියාකාරකම් ඉතා ඵලදායී ලෙස ක්‍රියාවට නැගීම තුළින් ව්‍යාපාරයකට ඉතා ශක්තිමත් මෙන්ම ධනාත්මක ව්‍යාපාර කීර්ති නාමයක් ගොඩනගාගත හැකිය.

1. Act quickly, be transparent

පාරිභෝගික සේවාවන්හි හෝ භාණ්ඩවල ගුණාත්මක බව පිළිබඳ යම් ප්‍රශ්නයක් පැන නැගුණ විට ඉතා විචක්ෂණ ලෙස හා ඉතා ඉක්මනින් එම ප්‍රශ්නයට විසඳුම් සොයා දිය යුතු වන අතර, තම ආයතනය විසින් සිදුකර ඇති වැරදි ක්‍රියාව සම්බන්ධව තම පාරිභෝගික ප්‍රජාවෙන් සමාව ගත යුතු වේ. ඉතා ක්ෂණිකව එම වරද නිවැරදි කර පෙර පරිදි ඉතා ඉහළ පාරිභෝගික සේවාවක් පාරිභෝගිකයන්ට ලබාදිය යුතුය.

මෙම ක්‍රියාවට හොඳම උදාහරණය වනුයේ 2018 මුල් කාලයේදී ලෝ ප්‍රකට KFC ආයතනයේ කුකුල් මස් සැපයීමේ අඩුවක් සිදුවීම හේතුවෙන් KFC පාරිභෝගිකයන් ඉතා අපහසුතාවට පත්වීමයි. ව්‍යාපාර කීර්ති නාමයේ ඇති වැදගත්කම වටහාගත් KFC ආයතනයේ කළමනාකාරීත්වය ඉතා ක්ෂණික හා ඵලදායී ක්‍රියාමාර්ගයකට යොමු වී සිය පාරිභෝගික ප්‍රජාව වෙත ඉතා විනිවිද පෙනෙන ලෙස මෙම ක්‍රියාවට බලපෑ හේතු කාරණා ගෙනහැර දැක්වීය. 

එයින් නොනැවතුණු KFC කළමනාකාරීත්වය මෙම ක්‍රියාව  පිළිබඳ ඉතා ජනප්‍රිය දිනපතා පුවත්පත් දෙකක ප්‍රබල ප්‍රචාරණයක් ගෙන ගිය බැවින් කුකුල් මස් අඩුව හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවූ අපහසුතාව තුළින් ඇතිවීමට ගිය KFC ආයතනයේ ව්‍යාපාර කීර්ති නාමය බිඳ වැටීම ඉතා සාර්ථක ලෙස මැඩ පැවැත්විණි.

2. Keep Your Promises

ආයතනයක පාරිභෝගික ප්‍රජාව සමග පවතින විශ්වාසය ආරක්ෂා කර ගැනීමත්, එය අඛණ්ඩව පවත්වාගෙන යාමත් ව්‍යාපාරයකට තම පාරිභෝගික ප්‍රජාව සමග පවතින සම්බන්ධතාව (Customer Relationship) ආරක්ෂා කරගැනීමට ප්‍රබල ලෙස බලපායි. ආයතනයක් තම ආයතනයේ වෙළෙඳ ප්‍රචාරණය තුළ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු භාණ්ඩ හා සේවා පාරිභෝගික ප්‍රජාව වෙත තමන් සපයන බවට ප්‍රබල ලෙස හුවා දක්වන්නේ නම්, එම සන්නිවේදන ක්‍රියාවලිය සැබෑ ලෙසම පාරිභෝගික ප්‍රජාවට අත්විඳීමට හැකිවිය යුතුය. එසේ නොමැති වුවහොත් පාරිභෝගිකයන්ගේ ව්‍යාපාරය සමග පවතින විශ්වාසය පළුදු වී එය තුළින් ව්‍යාපාරයේ කීර්ති නාමයට ප්‍රබල හානි සිදුවිය හැකිය.

නූතන ඩිජිටල් ලොව තුළ (Digital World) පාරිභෝගික විශ්වාසය ව්‍යාපාරයක ව්‍යාපාර අරමුණු ඉටුකර ගැනීමට ප්‍රබල සාධකයක් වේ. මක්නිසාද යත් 90%ක පාරිභෝගිකයන් යම් ආයතනයකින් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට පෙර Online Reviews කියවන අතර, 85%ක පාරිභෝගිකයන් Personal Recommendations  තරම්ම Online Reviews පිළිබඳ ප්‍රබල ලෙස විශ්වාස කරයි. 

මෙම නිසා යම් ආයතනයක් තම වෙළෙඳ ප්‍රචාරණය තුළ හුවා දක්වන භාණ්ඩ හා සේවාවල ගුණාත්මක බව සැබැවින්ම පාරිභෝගිකයන්ට භාණ්ඩ හා සේවා පරිභෝජනය තුළින් විඳීමට හැකිවිය යුතු වේ. Negative Reviews, Online platformsවල පළකරන අතර, (Actual Customer Experience) එසේ නොමැති වූවහොත් පාරිභෝගිකයන් ව්‍යාපාරය සමග පවතින විශ්වාසය බිඳීගොස් එමගින් ව්‍යාපාරයේ කීර්ති නාමයට ප්‍රබල හානි සිදුවිය හැකිය.

3. Get your Branding right

වෙළෙඳ නාමකරණය (Branding) ව්‍යාපාරයකට ඉතා වැදගත් සාධකයක් වේ. මක්නිසාදයත් වෙළෙඳ නාමකරණය තුළින් පාරිභෝගිකයන් ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා පිළිබඳ යම් මතයකට පිවිසෙන බැවිනි.

ව්‍යාපාරයක් වෙළෙඳ නාමකරණයේදී (Branding) දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. විශේෂයෙන්ම වෙළෙඳ නාමකරණයේ Copyright පිළිබඳ ප්‍රබල ලෙස සැලකිය යුතු වන අතර, වෙළෙඳ නාමකරණය පිළිබඳ බලපැවැත්වෙන නීතිමය කරුණු කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.

වෙළෙඳ නාමකරණය (Branding) පිළිබඳ යම් නීතිමය තත්ත්වයක් ඇතිවූවහොත් එය ව්‍යාපාරයේ කීර්ති නාමයට දැඩි හානි සිදුකරන අතර, එම තත්ත්වය යටතේ පාරිභෝගිකයන් ව්‍යාපාරය පිළිබඳ ඍණාත්මක ආකල්පයකින් බැලීමෙන් ව්‍යාපාර ක්‍රියාවලීන් (Business Practice) පිළිබඳ පවතින විශ්වාසය බිඳී යා හැකිය.

4. Give Something Back

ව්‍යාපාරයක ඵලදායී ආයතනික සමාජ වගකීම් (Corporate Social Responsibility) තුළින් ව්‍යාපාරය පිළිබඳ ධනාත්මක ප්‍රතිරූපයක් පාරිභෝගිකයන්ගේ මනස තුළ ගොඩනැගිය හැකිවන අතර, එතුළින් පාරිභෝගිකයන් ව්‍යාපාරය සමග පවතින සම්බන්ධතාව ශක්තිමත් කරගැනීමට ව්‍යාපාරයකට හැකිවේ. මෙම සමස්ත ක්‍රියාවලිය තුළ පවතින ප්‍රබල වාසිය වනුයේ ව්‍යාපාරයකට තම ව්‍යාපාරයේ කීර්ති නාමය වර්ධනය කරගැනීමට හැකිවීමයි.

5. Extend Your Influence

ව්‍යාපාරයකට ඉතා විශ්වාසවන්ත භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් සමග වෙළෙඳ ගිවිසුම්වලට පිවිසීම තුළින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු භාණ්ඩ හා සේවාවන් පාරිභෝගිකයන්ට සැපයිය හැකිය. ඒ තුළින් ඉහළ පාරිභෝගික තෘප්තියක් පාරිභෝගිකයන්ට ලබාගත හැකිවන අතර, පාරිභෝගිකයෝ අදාළ ආයතනයේ භාණ්ඩ හා සේවාවල ඉහළ ගුණාත්මකභාවය පිළිබඳ ධනාත්මක කථිකාවක නිරත වෙති. (Positive Word of Mouth) මේ තුළින් ව්‍යාපාරයකට තම කීර්ති නාමය වර්ධනය කරගත හැකිවේ.

Starbucks ආයතනය තම ආයතනයේ කෝපි ඇට මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ඉතා විශ්වාසවන්ත හා ඉහළ ගුණයෙන් යුතු කෝපි ඇට සැපයුම්කරුවන් සමග ගනුදෙනු කරන අතර, එම ක්‍රියාවලිය තුළින් ඉහළ ගුණත්වයකින් යුතු Starbucks Coffee පාරිභෝගිකයන්ට සැපයීමට එම සමාගමට හැකිවේ. Starbucks Coffeeවල පවතින ඉහළ ගුණාත්මක බව හේතුවෙන් ඉහළ පාරිභෝගික රුචිකත්වයක් ලොව පුරා එයට දිනා ගැනීමට හැකිව තිබේ. ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු Starbucks Coffee සැපයීම තුළින් Starbucks ආයතනයට ඉතා ප්‍රබල කීර්ති නාමයක් ලොව පුරා ගොඩනගා ගැනීමට හැකි වී තිබේ.

මෑත කාලයේ ව්‍යාපාර ලොව තුළ Influencer Marketing ඉතා ප්‍රබල ලෙස යොදා ගනී. ඉතා ප්‍රබල ව්‍යාපාරයකට අදාළ වන චරිතයක් (Personality) සමග සම්බන්ධ වී (Brand Association) වෙළෙඳ ප්‍රචාරණ කටයුතුවල නිරත වන්නේ නම් ආයතනයට තම ව්‍යාපාරයේ කීර්ති නාමය වර්ධනය කරගැනීමට හැකිවේ.

Influencer Marketing යන්න ලොව ප්‍රබල ආයතන ක්‍රියාවට නංවන අතර, එතුළින් එම ආයතන පිළිබඳ Positive Image එකක් පාරිභෝගික ප්‍රජාව තුළ ගොඩනගා ගැනීමට එම ආයතනවලට හැකි වී ඇත.
මේ අනුව බලන කල ව්‍යාපාරයේ කීර්ති නාමය (Company Reputation) වර්ධනය කරගැනීම තුළින් ව්‍යාපාරයකට ඉතා සාර්ථකව තම ව්‍යාපාරයේ අරමුණු ඉටුකර ගැනීමට හැකිවේ.

0 comments

Leave a Reply

Post Comment