විදේශගත වීම බොහෝ දෙනාගේ සිහිනයක්. එය අධ්‍යාපන කටයුතු සඳහා හෝ රැකියාවක් සඳහා හෝ, පදිංචිය සඳහා විය හැකියි. මෙම සියලුම අවස්ථාවන්හිදී අපට අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වනුයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඔබ සතු දැනුම පිළිබඳව බොහෝ රටවල් අවධානය යොමු කිරීමය. 

මෙම භාෂා දැනුම මැනීම සඳහා ඔබට විභාග හෝ පරීක්ෂණ සඳහා පෙනී සිටීමට සිදුවේ. එලෙස බොහෝ දෙනා පෙනී සිටින ජනප්‍රිය විභාගයක් වන ‘IELTS’ සමත් වීමට නොහැකිවන අය විදේශගත වීමට පවතින සිය හීනය බොඳ කරගනී. 
අපේ රටේ ජනප්‍රිය නොවුණත් චීනය, ඉන්දියාව ඇතුළු අනෙක් රටවල සිටින්නන් මෙකී සිහිනය කරා යනුයේ ‘PTE’ (pearson Test For English) නමින් වන පරීක්ෂණයකට මුහුණ දෙමිනි. අප රටේ ක්‍රමයෙන් ජනප්‍රිය වන මෙම පරීක්ෂණය පිළිබඳ මෙලෙස අපගේ අවධානය යොමු කළ අතර, ඒ පිළිබඳව නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා අප ‘Everyday PTE’ කණ්ඩායමේ නිර්මාතෘ සිතිජ මෙන්ඩිස් මහතාව සම්බන්ධ කරගනු ලැබූවෙමු. මේ ඒ මහතා අප සමග දැක්වූ අදහස්ය.

“අපි ‘PTE’ පිළිබඳව අවධානය යොමු කරන්නට පෙර විදේශගත වීම සඳහා බොහෝ දෙනා යොමුවන අනෙක් විභාග පිළිබඳවත් යම් අවබෝධයක් ලබා සිටීම වැදගත් වෙනවා. විදේශගත වීමකදී යම් කෙනෙකුගේ භාෂා නිපුණතාව මනින්නට භාවිත කරන English Bench Marking Test කිහිපයක්ම තිබෙනවා. එම ක්‍රමයන්වලින් අපි අතර වඩාත් ජනප්‍රිය වී තිබෙන සාම්ප්‍රදායික ක්‍රමය තමයි ‘IELTS’. කැනඩාව, ඔස්ට්‍රේලියාව,නවසීලන්තය වගේම බොහෝමයක් රටවලට යන ශිෂ්‍යයන්ගේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම මනින්නට මෙම ක්‍රමය යොදාගනු ලබනවා.

2017 වර්ෂයෙන් පසු අපේ රටට ‘Pearson’ වෙතින් ‘PTE’ නමින් වන මෙවැනි විභාගයක් හඳුන්වා දෙනවා. මෙයත්  ‘IELTS’ වගේම තවත් එක් විභාගයක්. නමුත් කැනඩාවේ ආගමන දෙපාර්තමේන්තුව මෙම ක්‍රමවේදය අනුමත කර නැහැ. එසේ නමුත් නවසීලන්තය, ඔස්ට්‍රේලියව වගේ රටවල්වලින් ‘PTE’වලට ඉහළ පිළිගැනීමක් ලබාදී තිබෙනවා. අපි  ‘IELTS’ ගැන බැලුවොත් එය සාම්ප්‍රදායිකයි. එහිදී අප විසින් පාසලේ විභාගයකට මුහුණ දෙනවා හා සමානව ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමයි සිදුකරනු ලබන්නේ. එහිදී අපිට මුහුණ දීමට සිදුවන වාසි අවාසි කිහිපයක්ම තිබෙනවා. ‘IELTS’වල වාසි ලෙස විභාග ක්‍රමයේ ලෙහෙසි බව, එහි සැකැස්මේ එකාකාරී බව සඳහන් කළ හැකියි. එනම් ‘IELTS’ විභාගය සඳහා ලබාදෙන ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම සැමවිටම එකහා සමාන බවක් පෙන්නුම් කරනවා.

නමුත් එහි අවාසිය වන්නේ ‘IELTS’ රඳා පවතින්නේ ‘Examiner’ නැතිනම් පුද්ගලයෙක් මත වීමයි. ‘IELTS’ විභාගයේදී යම් කෙනෙකුගේ භාෂා නිපුණත්වය මැනීමට ක්‍රමවේද 4ක් භාවිත කරනවා. ‘Listening’, ‘Speaking’, ‘Writing’, ‘Reading’ යන ‘Skills’ හතර තමයි ප්‍රධාන වශයෙන් මෙහිදී මැන බලන්නේ. ‘IELTS’වලදී මෙන්ම ‘PTE’ වලදීත් මෙම නිපුණතා හතර මැනීමයි සිදුවන්නේ. 
 ‘IELTS’ වල ‘Academic’ විභාග සඳහා පෙනී සිටින්නේ ශිෂ්‍යයන් ලෙස වීසා ලබා ගැනීමටයි. ඒ වගේම ‘IELTS’ වල ‘General’ විභාග සඳහා පෙනී සිටින්නේ PR ලබාගැනීමට අදහස් කරන අයයි. මෙම ද්විත්වය සඳහාම පවත්වන විභාග එකහා සමාන වුවත් යම් යම් වෙනස්කම් දැකගත හැකියි.  

‘IELTS’ වලට පෙනී සිටින අය සඳහා ‘Speaking’ නැතිනම් කථනයේ හැකියාව මැන බැලීම සිදුවන්නේ සම්මුඛ සාකච්ඡාවක් ලෙසටයි. එහිදී ‘Examiner’ වෙත ගොස් ඔහු ලබා දෙන මාතෘකාවට අනුව කතා කිරීමට සම්මුඛ සාකච්ඡාවට පෙනී සිටින තැනැත්තාට සිදුවෙනවා. නමුත් Examiner එම මොහොතේ සිටින මානසික තත්ත්වය අනුව අදාළ පරීක්ෂණයට මුහුණදෙන පුද්ගලයාට ලැබෙන ලකුණු තීරණය වෙනවා.  ‘IELTS’ විභාගයේදී ලකුණු 7 යනු ඉතා වැදගත් ලකුණක්.

මීළඟට වැදගත් ලකුණු ප්‍රමාණය වන්නේ 8යි.  ‘IELTS’ විභාගයේ ලකුණු 7ක් ලබාගන්නා තැනැත්තෙකුට PR සඳහා ලකුණු 10ක් හිමිවෙනවා. ‘IELTS’ විභාගයේ ලකුණු 8ක් ලබාගත් තැනැත්තෙකුට PR සඳහා ලකුණු 20ක් හිමිවෙනවා.  ‘IELTS’ විභාගයේ ‘Writing’ සඳහා ලකුණු 7ක් ලැබීමට පවතින්නේ ඉතාම අඩු සම්භාවිතාවක්. බොහෝ විට හිමිවන ලකුණු ප්‍රමාණය වන්නේ 6.5 මට්ටමයි. ලකුණු 7ක් ලැබුණත් ලකුණු 8ක් ලබාගන්නා අවස්ථාවක් නොමැති තරම්. මෙම කාරණය නිසා ‘IELTS’ විභාගයට පවතින නැඹුරුතාව ක්‍රමයෙන් ගිලිහෙමින් පවතී. එලෙස ‘IELTS’වලින් අසමත්වන සම්භාවිතාව වැඩිවන විට විදෙස් ගතවීමේ සිහිනය සැබෑ කරගත හැකි වෙනත් විකල්ප කෙරෙහි අවධානය යොමුවන අතර, එහිදී ‘PTE’ වෙත යොමු වීම නිතැතින් සිදුවෙනවා.

‘PTE’ පරීක්ෂණයට පෙනී සිටින අයෙකු ලබාගන්නා ලකුණු 65ක ප්‍රමාණය ‘IELTS’ විභාගයේදී ලැබෙන ලකුණු 7ට සමානය. PTE පරීක්ෂණයේ ලකුණු 79 යනු ‘IELTS’ විභාගයේ ලකුණු 8කට සමාන වෙනවා. ‘PTE’ විභාගයේ වෙනස වන්නේ එය සම්පූර්ණයෙන්ම පරිගණකගත විභාග ක්‍රමයක් වීමයි. 

PTE විභාගයේ අනෙක් වෙනස වන්නේ ලංකාවේ සිසුවෙකු මනින ක්‍රමවේදයම වෙනත් රටවල අයත් මැනීමට භාවිත කිරීමයි. ‘PTE’ ක්‍රමවේදයේ සැකැස්ම ‘IELTS’ ආකෘතියට හාත්පසින්ම වෙනස් වෙනවා. ‘PTE’ ක්‍රමවේදයේ ආකෘතිය ඒකාකාරී නොවන අතර, එය සංකීර්ණ වෙනවා. ඒ අනුව ‘IELTS’වල මෙන් ආකෘතිය ඉගැන්වීමෙන් පමණක් ‘PTE’ සමත්විය නොහැකියි. 

නමුත් ‘PTE’ සමත්වීමේ මූලික ක්‍රමවේදයන් හරිහැටි අධ්‍යනය කිරීම හා නිවැරදි මග පෙන්වීම මත ඉතාම පහසුවෙන් එම විභාගය සමත්වීමට හැකියි. ‘PTE’ වෙනුවෙන් මගපෙන්වීම ලබාදෙන මම හැමවිටම ලකුණු 50 එනම් ‘IELTS’වල ලකුණු 6 ගන්නට නොහැකි වන මගේ සිසුන්ට ඒ සඳහා වැයකළ මුදල නැවත ලබාදෙන බවට සහතික වන්නේ ළමුන්ට ලකුණු 50ක් ගැනීම අනිවාර්යයෙන් කළ හැකි බව විශ්වාස කරන නිසයි.

‘PTE’ පරිගණකගත විභාගයක් කියූ පමණින් එයට මුහුණ දීම අපහසු බවට ඇතැමුන් බිය වෙන්නට පුළුවන්. නමුත් එහිදී අපිට අවශ්‍ය වන්නේ අතින් විභාග ලියනවා වෙනුවට Type කිරීම පමණයි. එයිනුත් Type කිරීමට සිදුවන ප්‍රධාන දෙය වන්නේ රචනාව පමණයි. ‘Computer Literacy’ මෙම විභාගයේදී එතරම් අවශ්‍ය වන්නේ නැහැ.

‘PTE’වල ලැබෙන උපරිම ලකුණු ප්‍රමාණය ලකුණු 90ක් වන අතර, IELTS විභාග ලකුණුවල උපරිමය ලකුණු 9 වෙනවා. PTE විභාගයේදී රචනාවට හිමිවන්නේ මෙම ලකුණු 90න් ලකුණු 10ක් තරම් අඩු අගයක්. ඉතිරි ලකුණු 80ම Writing හී Summarize Written text සහ අනෙක් Sections වල ඇති ප්‍රශ්නවලට බෙදී යන අතර එහිදී විභාග අපේක්ෂකයාගේ Typing Skills මැනීමක් සිදුවන්නේ ඉතා අවමවශයෙනි . නමුත් ‘IELTS’ විභාගයේ ලකුණු භාගයකටත් වඩා (ලකුණු 66෴ට වැඩි) රඳා පවතින්නේ රචනාව මතයි. එම නිසා PTE විභාගයට පෙනී සිටින අයට Type කිරීම සම්බන්ධව විශාල පුහුණුවක් අත්‍යාවශ්‍ය නොවේ. ‘PTE’වලදී ඔබ මුහුණ දෙන ‘Reading’ නැතිනම් කියැවීමේ පරීක්ෂණයේදීද ඔබේ ‘Writing’ නැතිනම් ඉංග්‍රීසි ලිවීමේ හැකියාවද මැන බැලීමක් සිදුවෙනවා.

‘PTE’ වලදී ඔබ මුහුණ දෙන බෝහෝමයක් ප්‍රශ්න වර්ගවලදී ඉහත කතාකල Skills එකකට වඩා මනිනු ලබයි උදාහරණයක් ලෙස ‘PTE’ වලදී Online ක්‍රමවේදය හරහා Read Aloud නම් පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවේ. පරිගණක තිරයේ දිස්වන ඡේදය ශබ්ද නගා කියවීමට මෙහිදී සිදුවේ. එහිදී Speaking Section එකේ Read Aloud වලදී ඔබගේ Reading සහා Speaking යන Skills දෙවර්ගයම මනිනු ලබයි. මෙහිදී පවතින වාසිය වන්නේ ඒ ඒ රටවල පවතින Accent එක මේ විභාගයේදී අදාල නොවීමයි.  

‘PTE’ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය මූලික දැනුම වෙබ් අඩවි හරහා ස්වයං අධ්‍යනයක යෙදීමෙන් ලබාගත හැකි බව ඇතැමුන් අදහස් කරනවා. නමුත් එහිදී පවතින ගැටලුව වන්නේ බොහෝ උපදෙස් පවතින්නේ චීන භාෂාවෙන් වීමත්, ඇතැම් වෙබ් අඩවි අසත්‍ය තොරතුරු හා උපදෙස් පළකිරීමත්. එසේම ඔබගේ ඉංග්‍රීසි උච්චාරණය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්ව පිළිබඳවද උපදේශකවරයෙක් වෙත ගොස් අඩුපාඩු සකස් කරගැනීමෙන් මෙම විභාගය ඉතා පහසුවෙන් සමත්වීමට හැකියාවක් පවතිනවා.

 

0 comments

Leave a Reply

Post Comment