"මහින්ද හුළඟ කියලා නම් මිනිස්සු හුළං ගැහුවා. තවදුරටත් මිනිස්සු හුළං ගහන්නෙත් නෑ, මිනිස්සුන්ට ඔය කිසි සුසුළක් වැඩකුත් නෑ, ඒ කට්ටිය මේ රටට කරලා තියෙන දේවල් බැලුවම ඔය කියන පාලනයන් විසින් අපේ රටට අත්කරලා තියෙන ඉරණම දැක්කාම මිනිස්සු තවදුරටත් පාර්ලිමේන්තුවටවත් ගෙන්නා ගන්න බලාපොරොත්තුවක් නෑ, මතකයිනේ ගිය පාර්ලිමේන්තු මැතිවරණයේ නාමල් රාජපක්ෂ ආවේ ජාතික ලැයිස්තුවෙන්, ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තුවට එන්නවත් එළියට ආවේ නෑ, ජනතාව ඉන්නේ එතැන, ඒ නිසා සුළඟ, සුවඳ හීනයක් විතරයි ඒවා යථාර්තයක් වෙන්නේ නෑ, මිනිස්සු ඒවාට කැමති නෑ" යැයි ඉඩම් හා වාරී මාර්ග නියෝජ්‍යය අමාත්‍යය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින්ය.
"ජනාධිපති ධූරය සඳහා විශේෂ වරප්‍රසාද කියන හිමිකම් ඉවත් කිරීම සිදු කලේ, අපි හිතනවා දේශපාලඥයෝ කියන කෙනා මහ පොළවට උඩින් ඉන්න ඕනකෙනෙක් නෙමෙයි.දේශපාලඥයා තමන් විසින් කරන ලද කර්තව්‍යයට සමාජය ගෞරව දක්වයි, ඒ උපහාරය තියෙයි, ඔවුන්ට උපහාර දැක්වීම සඳහා වර්ග අඩි 30 000 ක් හරි 111 ක සේවක පිරිසක් හරි, සුනඛ පාලනය සඳහා සුනඛ පාලකයින් ලබා දෙන්න ජනතාව බැඳෙන්න ඕන කියලා අපි හිතන්නේ නෑ.
ඒ තරමට දේශපාලඥයා පුම්බන්න හෝ මහපොළවෙන් උඩට උස්සන්න අවශ්‍යය නෑ, දේශපාලඥයා කියන්නෙත් මහ පොළවේ සාමාන්‍යය මිනිස්සු අතර ඉන්න ඕන කෙනෙක් , ඒ අර්ථයෙන් තමයි මේ හිමිකම් ඉවත් කිරීම කරලා තියෙන්නේ.අපි බලාපොරොත්තු වෙනවා ඒ දේශපාලන සංස්කෘතිය ජනතාව පිළිගනියි.ජනතාව අගය කරයි.එයින් රටට සෙතක්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කප්පාදුව සම්බන්ධයෙනුත් සාකච්ජාවක් තියෙනවා.ඒ සඳහා නිසි පරිදී පාර්ලිමේන්තුවේදී අදාළ සම්මතයන් සිදු කර ගෙන ඉවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.මෙකේදී විවිධ කථා බහ තියෙනවා සමහරු කියනවා හිටපු කට්ටියට අනේ ගන්න දෙන්න, දැන් ඉන්න අයට එන එක නැවැත්තුවාට කමක් නෑ, කියලා. අපි හිතන්නේ .දේශපාලඥයින්ට මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 05 ක් හිටපු පමණින්, විශ්‍රාම වැටුපක් ලැබිය යුතුයි කියලා අපි හිතන්නේ නෑ, රටේ සුවහසක් ජනතාව විවිධ කර්මාන්ත වල යෙදුන අය වයෝවෘද්ධ වෙලා ඔවුන්ට කිසිදු පිළිසරණක් නැතිව ඉන්න වෙලාවේ, අවුරුදු 05 ක් පාර්ලිමේන්තුවේ ඉඳලා විශ්‍රාම වැටුපක් ගන්න එක යුතුකමක් කියලා අපි හිතන්නේ නෑ, ඒක අසාධාරණයි ඒ වෙනුවෙන් තමයි අපි කටයුතු කරමින් ඉන්නේ.
අපි කරන්නේ කැප කිරීමක්, ස්වෙච්ජාවෙන් දේශපාලනය කරනවා කියන්නේ තමන්ට හම්බෙන වැටුප වෙනත් කර්තව්‍යයක් වෙනුවෙන් වෙන් කරනවා,වෙනත් කර්තව්‍යයක් වෙනුවෙන් දෙනවා කියන එකත් හැමෝටම කරන්න පුලුවන් එකක් නෙමෙයි.අපි ඒක පෞද්ගලිකව වියදම් කරන්නේ නෑ ,අපි ඒක පක්ෂය සඳහාම වියදම් කරන්නෙත් නෑ, අපි ඒකෙන් පොදු කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.ඒක දේශපාලන ආදර්ශයක් ලෙස හොඳදෙයක්.මන්ත්‍රී වැටුප් අහෝසි කිරීම සම්බන්ධයෙන් දැනට සාකච්ජාවක් නෑ, අපි බලමු ඒ සම්බන්ධයෙන් ඉස්සරහදී මොකද වෙන්නේ" කියලා යැයි පැවසීය.
Leave a Reply