දිවයිනේ විවිධ ප්‍ර දේශවල ඊයේ දිනයේ සිදුව ඇති රිය අනතුරු හතකින් අවුරුදු 3ක කඩා දැරියක් ඇතුළු 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මුරුක්කන් - මුරුක්කන් සිලාවතුර මාර්ගයේ නිලමඩු වංගුවේදී යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් අවුරුදු 33ක් වූ මුරක්කන් පදිංචි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇඹිලිපිටිය - ඇඹිලිපිටිය නගරය ආසන්නයේදී වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කළ පාපැදියක ගැටී සිදුවූ අනතුරකින් පාපැදියේ ගමන් කරමින් සිටි අවුරුදු 36ක් වන ලියනෑගම පදිංචි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. වෑන් රථ රියදුරු එම අනතුරසිදුකර පළායමින් සිටියදී නැවතත් ත්‍රීරෝද රථයක ගැටී ඇති අතර එයින්ද පළා යාමට උත්සාහ කිරීමේදී ප්‍ර දේශවාසීන් විසින්සැකකරු අල්ලා පොලීසියට භාර දී තිබේ.
නොච්චියාගම - නොච්චියාගෙම කුකුල්කටුව මාර්ගයේ ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින්
යතුරුපැදියේ ගමන් කළ අවුරුදු 60ක් වන නොච්චියාගම පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පෑලියගොඩ - කොළඹ නුවර මාර්ගයේ පෑලියගොඩ රෝහණ විහාරය ආසන්නේය පදික මාරුව අසළ නවතා තිබූ
යතුරුපැදියක හා මෝටර් රථයක ත්‍රීරෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 03 දින 23ක් වූ පට්ටිය හංදිය
පදිංචිව සිටි කුඩා දැරියක් මියගොස් තිබේ. මෙම අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් කළ තවත් දරුවෙක්, ඔවුනගේ මව, ත්‍රී රෝද රථ රියදුරු හා ත්‍රී රෝද රථයේ ගමන් ගත් තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගන්දර - මාතර දික්වැල්ල මාර්ගයේ කන්දගොඩැල්ල හංදියේදී මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රී රෝද රථ රියදුරු වූ අවුරුදු 63ක් වන දෙවිනුවර පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පේරාදෙණිය - රිකිල්ලගස්කඩ පේරාදෙණිය මාර්ගයේ බස් රථයග් ගමන් කළ පුද්ගලයෙක් මගියෙන් එයින් ඇඳ වැටී ජීවිතක්ෂයටපත්ව තිබේ. අවුරුදු 78ක් වන හිඳගල පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
පන්නල - පන්නල ගිරිඋූල්ල මාර්ගයේ කොංගස් හංදිය ප්‍ර දේශයේදී බස් රථයක් මගීන් බස්සවා නැවත ගමන් ආරම්භ
කිරීමට උත්සාහ කිරීමේදී බස් රථයට ගොඩවීමට බස් රථයට ඉදිරියෙන් පැමිණි අවුුදු 80ක් වන කාන්තාවක් බස් රථයට
යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Leave a Reply