දඹුල්ල නගරය ගංජා ,අයිස්, හෙරොයින් මත්ද්‍රව්‍ය ව්‍යසනයක් බවට පත්ව ඇති නිසා වහාම දඹුල්ල නගරය විනයගරුක නීතිගරුක මතින් තොර දඹුල්ලක් ඇති කිරීම සඳහා පොලිසියේ සහ ජනතාවගේ සහයෝගය අවශ්‍යව බව දඹුල්ල නගරාධිපතී වසන්ත කේ රාජමන්ත්රී මහතා සඳහන් කළේය.
දඹුල්ල මහ නගර සභාව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය වැඩසටහන ආරම්භ කරමින් මේ බව සඳහන් කළේය.මෙහි සමාරම්භක උත්සවය දඹුල්ල බස් නැවතුම්පල භූමියේදී පැවැත්විණි.
ආරම්භක උත්සවයට එක්වෙමින් දඹුල්ල නගරාධිපති වසන්ත කේ රාජමන්ත්රී මහතා සඳහන් කළේ මෙවන විට බලයට පත්වීමට පෙර රජය ලබා දුන් විනීත නීති ගරුක මතින් තොර රටක් යන සංකල්පය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ජනතාව ඒ පිළිබඳව කරුණු විමසන බවය. එම නිසා සුගිය කාලයේ ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම නිසාවෙන් විවිධ ප්‍රශ්න ගැටලු මත වූ බවත් සඳහන් කළේය
කෙසේ වෙතත් නව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ පැමිණීමත් සමග දඹුල්ල නගරය මතින් තොර විනීත නීතිගරුක නගරයක් බවට පරිවර්තනය කිරීම සඳහා සහයෝගය අවැසි බව පෙන්වා දුන්නේය
"අපි ජනතාවට ලබාදුන්නු පොරොන්දුවක් තමයි මත්ද්‍රව්‍ය මෙම මත් ජාවාරම් තුරන් කරනවා කියලා ප්‍රකාශ කරපු එක . දැන් අපි ගමකට යනකොට ගමේ අම්මලා තාත්තලා විශේෂයෙන් දරුවන් අපෙන් අහනවා ඔ බතුමාලා අර කිව්ව කතා ඇයි තාම ක්‍රියාත්මක වෙන්නේ නැත්තෙ කියලා. පසුගිය කාලයේ අපට ප්‍රශ්නයක් තිබුණා.
ඒ නිසා අපි සතුටු වෙනවා නව මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමාගේ පැමිණීම පිළිබඳව. අපේ බලාපොරොත්තුවූ වෙනස ඉටු කරන්න විනයගරුක නීතිගරුක මතින් තොර දඹුල්ලක් ඇති කරන්න ජනාධිපතිතුමාගේ අරමුණත් ඒකමයි . විශේෂයෙන් අපි දන්නවා අයිස්. හෙරොයින් ගංජා වැනි වීනාශකාරී මත්ද්‍රව්‍යය ව්‍යසනයක් බවට පත්වෙලා තියෙනවා අපේ දඹුල්ලේ.
මේක වහාම නැවැත්විය යුතුයි සියලු දෙනාගේම සහයෝගය අපට ලබාදෙන්න. පළාත් පාලන සතිය මගින් අපි දඹුල්ලේ ඉදිරි සංවර්ධන කටයුතු රැසක් පිළිබඳව ජනතාව දැනුවත් කරන ගමන් ජනතා ප්‍රශ්නවලට උත්තර සොයන වැඩසටහනක් බවට පත්වෙලා තියෙනවා."
Leave a Reply