වර්තමානයේ බොහෝ කාන්තාවන් තම දරුවන් ප්‍රසූත කිරීමට සූදානම් වීමේදී ජ්‍යෝතිර්වේදීන් වෙත ගොස් සුබ වේලාවන් නැකැත් බලා ඒ සඳහා සුදුසු වේලාවන් හා දිනයන් වෙන්කර  ගැනීමට පුරුදුව සිටිති. 

රැල්ලක් බවට පත්ව ඇති එම තත්ත්වය ජ්‍යෝතිෂමය වශයෙන් සලකා බැලීමේදී සත්‍යතාවක් තිබේද? එය එසේ සිදු කිරීම සුදුසුද යන්න පිළබඳව අප විමසා බැලීමට සිතුවෙමු. ඒ පිළිබඳ ප්‍රවීණ ටොලමියානු ජ්‍යෝතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතා දැක්වූයේ මෙවන් අදහසකි.කාන්තාවකට ලැබිය හැකි උසස්ම පදවිය මවුපදවියයි. මවක් වීමට සූදානමින් සිටින සියලු කාන්තාවන්ට පොදුවේ වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳව සඳහන් කිරීමට මා සිතුවෙමි. 

මවක් වීම සඳහා සූදානමින් සිටින ඔබ ඒ  සමගම සිතන්නේ ලස්සන, නිරෝගී, බුද්ධිමත් දරුවෙකු සතු කර ගැනීම පිළිබඳව අහිංසක අාශාවයි. මේ වෙනුවෙන් බොහෝ කාන්තාවන් ජ්‍යෝතිෂයේ පිහිට පතන බවක් පෙනේ. 
සිසේරියන් හෙවත් ශල්‍යකර්මයක් මගින් තම දරුවා මෙලොවට බිහි කර ගැනීමට ඇතැම් කෙනෙක් උත්සාහ ගන්නේ ඉතා බලවත් සුබ මුහුර්ත යන ආදිය ප්‍රයෝජනයට ගනිමිනි. සුබ දවසක සුබ මොහොතකට තම දරුවා බිහිකිරීම සඳහා නැකැත් ඉල්ලා සිටීම අද දවසේ රැල්ලක් මෙන් පැතිර යමින් පවතී. මෙය ඉතා අහිංසක අරමුණක් ලෙස මතුපිටින් පෙනී යන නමුත් එහි ආදීනව පිළිබඳව බොහෝ දෙනෙක් නොසිතති. 

ටොලමියානු ජ්‍යෝතිෂයේ එන ශරීර ව්‍යුහය හා ශක්ති කලාප පිළිබඳව අධ්‍යයනය අනුව ගත්විට සිසේරියන් සැත්කම මෙන්ම සුබ මොහොතකට දරුවා බිහිකිරීම යන කරුණු දෙකම අදූරදර්ශී කරුණු ලෙස පෙනී යයි. 

ඕනෑම කාන්තාවකගේ සිරුරේ මවුපදවිය ගෙන දීම සඳහා ක්‍රියාත්මක වන ශක්ති ත්‍රිකෝණයක් ඇගේ උදරයේ නාභියේ සිට සිරස් අතටත්, යෝනි මාර්ගයේ කෙළවර දක්වාත් යටිකුරු ශක්ති ත්‍රිකෝණයක ආකාරයෙන් ක්‍රියාත්මක වේ. ශරීර අභ්‍යත්රයේ සිට ඕනෑම දෙයක් බාහිරට තල්ලු කිරීම හෙවත් නිකුත් කිරීම පාලනය කෙරෙන්නේ මෙකී යටිකුරු ශක්ති ත්‍රිකෝණයෙනි. 
ගර්භාෂය තුළ දරුවා කෙමෙන් කෙමෙන් වැඩෙන විට එහි පෝෂණයට මෙන්ම නිසි අවශ්‍යතාව සම්පූර්ණ වනවිට එම දරුවා ස්වාභාවිකව මොලොවට බිහිකිරීම දක්වා ක්‍රියාවලිය තුළ මේ ශක්ති ත්‍රිකෝණය ක්‍රියාත්මක වේ. 

එය ස්වාභාවිකව උත්තේජනය වී දරුවා බිහිවීමේදී නිකන්ම නිකන් දරුවා මෙලොවට බිහි වීම වෙනුවට එම මවගේ ශරීර අභ්‍යන්තරයේ රැඳුණු ශක්තීන් මුදාහැරීම සමාන්තරව සිදුවේ. මේ පිටතට විහිදුවන ශක්තීන් මගින් ඇගේ ගර්භාෂය ප්‍රජනන පද්ධතිය හා ඊට ආදාළ ශක්ති ත්‍රිකෝණය ඉතා හොඳින් පිරිසුදු කරනු ලබයි. එවැනි පිරිසුදු කිරීමක් හා උත්තේජනය කිරීමක් සිදුවන්නේ නිසිකලට ස්වාභාවික රිද්මය අනුවම දරුවා බිහිවුවහොත් පමණි. 

එහෙත් සිසේරියන් සැත්කම වැනි කෘත්‍රිම ක්‍රමයක් උපයෝගී කරගනිමින් දරුවා මොලොවට බිහිවුවහොත් එහිදී මවගේ සිරුරේ අභ්‍යන්තර ශක්ති ත්‍රිකෝණය පිරිසුදු වන්නේ නැත. එම ප්‍රදේශය  උත්තේජනය වන්නේද නැත. මෙහි ප්‍රතිඵල මතුපිටින් දකිනවාට වටා ශෝචනීය වන බව බොහෝ දෙනා නොදනිති. පහසුව හා රූපාලංකරණය ගැන සිතා සිසේරියන් සැත්කමට යොමු වන ළඳුන් අතරින් අතිබහුතරයක් දෙනා පසුකලෙක උදරය ආශ්‍රිත නොයෙකුත් වේදනාත්මක රෝගාබාධයන්ගෙන් පෙළෙන බැව් අප දැක තිබේ. වෛද්‍ය විද්‍යාව අනුව ඊට නොයෙකුත් හේතු ඉදිරිපත් කළ හැකි නමුත් ටොලමියානු  ජ්‍යෝතිෂයේ ශක්ති විද්‍යාව අනුව ගතහොත් එම කාන්තාවගේ සිරුරේ යටිකුරු ශක්ති ත්‍රිකෝණය හෙවත් 'Metobolism' පරිවෘත්තීය ක්‍රියා සඳහා උපයෝගී වන ශක්ති කලාපය අවහිර වීම බොහෝ කායික හා මානසික පීඩාවන්ට හේතුවක් වන බව පැහැදිලිය. 

ඊට හේතුව වන්නේ ස්වාභාවික රිද්මයට එරෙහිව කෘත්‍රිම ක්‍රමයන්ට දරුවන් බිහි කරන්නට යෑමේ අහිතකර හේතුවයි. යම් කාන්තාවක් නිසි කලට ස්වාභාවික ලෙස තම දරුවා බිහි කරන්නේ නම් එම දරුවා හා මව යන දෙදෙනාටම එය මහත් භාග්‍යයක් වන්නේ ආයුෂ සැප බල ප්‍රඥා වර්ණ යන පංචවිධ සම්පත්තියම ගෙන දෙන ශක්ති කලාප මව හා දරුවා යන දෙදෙනා තුළ බලවත් වීම හේතුවෙනි. එවිට මව හා දරුවා යන දෙදෙනාම ශක්තිමත්ය. එසේ වන්නේ දරුවෙකු බිහිකිරීම සඳහා ස්වභාවිකව ක්‍රියාත්මක ශක්ති තලය හා ශක්ති යාන්ත්‍රණය මනාව පෝෂණය වීමෙනි. එහෙත් සිසේරියන් ක්‍රමයට ගියහොත් මව හා දරුවා යන දෙදෙනාටම එකී භාග්‍යය හිමි වන්නේ නැත. ඊළඟ කාරණය නම් සුබ මොහොතට සිසේරියන් ක්‍රමය මගින් දරුවන් බිහි කිරීමේ විද්‍යාවයි. කෙතරම් සුබ මොහොතට නැකැත් සැදූවත්, එසේ කලින් සාදන වේලාවන්ට දරුවන් බිහිකිරීම කළ නොහැකිය. ඕනෑම දරුවෙකු මෙලොවට බිහිවනුයේ දෛවයේ සැලැස්ම අනුව ඔහුට උචිතම දිනයට හා වේලාවටය. එය කිසිවෙකුටවත් වෙනස් කළ නොහැකිය. 

එකී විශ්ව නීතියට පටහැණිව යමින් තම තමාට උවමනා දින හා වේලාවන් යොදාගෙන සිසේරියන් ක්‍රමයට දරුවන් බිහිකිරීම යනු කෘත්‍රිම තත්ත්වයකි. එකී වේලාවටම කිසිසේත්ම දරුවා  බිහිකර ගැනීම කළ නොහැක්කා සේම එවැනි කෘත්‍රිම උත්සාහයකින් පසුව උපදින දරුවන් වෙනුවෙන් සාදනු ලබන  ජන්ම කේන්දරය පවා කෘත්‍රිම ස්වරූපයක් ගනී.   ටොලමියානු ජ්‍යෝතිෂයේදී එම තත්ත්වය හඳුන්වනු ලබන්නේ අඩු වයසින් උපන් දරුවෙකු හා සමාන තත්ත්වයකිනි. එවැනි අය සම්බන්ධයෙන් විශ්ව නීතිය ක්‍රියාත්මක වන්නේ පොදු ආකාරයකින් වන නමුත් එවැනි දරුවන්ගේ අනාගතය සම්බන්ධ තොරතුරු දැන ගැනීමට ඔහුට හිමි කෘත්‍රිම කේන්දරය තුළින් අවස්ථාවක් නොලැබේ. මෙයින් කියවෙන වැදගත්ම පණිවිඩය නම් ස්වාභාවිකව දරුවා බිහිවීමට ඉඩ හැරීම දරුවාට මෙන්ම මවටද එක ලෙස වැදගත් වන බවයි. 

කෘත්‍රිම ක්‍රමයට අනුව සොබාදහම විකෘති කිරීමට උත්සාහ කරන කොයි කාට වුවත් සොබාදහමෙන් පිහිටක් ලැබෙන්නේ නැත. දැන දැන මේ විපතට හසුවනවාද, නොඑසේනම් සොබාදහමේ ආශිර්වාදය ලත් දරුවෙකු හා මවක් බවට පත්වනවාද යන්න ඔබම තීරණය කර බලන්න.

 

0 comments

Leave a Reply

Post Comment