ශ්‍රී ලංකාවේ පළමු වරට ජාතික හා ජාත්‍යන්තර උපදේශකයන් සමග මධ්‍යම කළමනාකරණය සඳහා උපදේශන වැඩසටහනක් සංවිධානය කිරීමට කාන්තා කළමනාකරණ ආයතනය (Woman In Management) කටයුතු යොදා තිබේ. 

මධ්‍යම කළමනාකරණ මට්ටමින් කාන්තාවන්ගේ කුසලතා හොඳින් ප්‍රයෝජනයට ගනිමින් ඵලදායිතාව ඉහළ නැංවීමේ ක්‍රම සලකා බැලීමට පටන් ගත් කාලය මෙය වේ. ශ්‍රී ලංකාවේ කාන්තාවන් ආර්ථිකයට 35%ක දායකත්වයක් දක්වන අතර, ශ්‍රම බළකායෙන් 80%ක් ඉහළ මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් සහිත මධ්‍යම කළමනාකරණයේ රැඳී සිටී.

මග පෙන්වීම, උපදේශනය සහ නිසි ක්‍රමවේද නොමැතිකම හෝ පවුලේ කැපවීම නොමැතිවීම හේතුවෙන් ශ්‍රම බළකායේ දායකත්වය අඩු වී යයි. මෙය පැහැදිලිවම තමන්ටත්, ආර්ථිකයටත් සහ සමාගම් කෙරෙහිත් ඍණාත්මක බලපෑමක් ඇති කරයි. එබැවින් කාන්තාවන්ට උපදේශනය හා පුහුණුව ලබාදීමට යම් ක්‍රියා මාර්ගයක් ලෙස මෙම වැඩසටහන හඳුන්වා දිය හැකිය. ඒ සඳහා දිවයිනේ ප්‍රධාන ආයතන හා සමාගම්වල ඉහළ තනතුරුවල රැඳී සිටින කාන්තා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය. මෙම වැඩසටහන අද (21දා) හා හෙට (22දා) යන දින දෙකේදී කොළඹ ගලදාරී හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

Topic  : Women Career & Leadership Mentoring
Facilitator  :  National & International Mentors 
Date  :  21st & 22nd February 2020
Time  :  Full Day
Venue  : Galadari Hotel Colombo

නදීශානි

 

 

0 comments

Leave a Reply

Post Comment