විශ්ව රූ රැජින තරගාවලිය නියෝජනය කරන චීන රූමතිය තේරීමේ miss Universe China 2014 තරගය පසුගියදා නිමාව දුටුවා.
එහදී චීනයේ හෙනාන් සිට පැමිණි නෝරා සු චීන රූ රැජින කිරුළට හිමිකම් කීවා. අවුරුදු 19 ක් වන නෝරාගේ උස සෙන්ටිමීටර් 178 කි.
මෙවර චීන රූ රැජින තරගාවලිය අපට විශේෂවන්නේ ඔවුන්ගේ නිල සංචාරය සඳහා ශ්රී ලංකාව තෝරාගැනීමත්, අවසන් මහා තරගය වෙනුවෙන් නර්තනාචාර්ය චන්දන වික්රමසිංහයන්ගේ සිසු සිසුවියන් නර්තනයන් ඉදිරිපත් කිරීමත් නිසාවෙනි.