www.ada.lk
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
මූල්‍ය වංචා දෙකක් සම්බන්ධයෙන් පවතින නඩු විභාග දෙකකට අදාළව අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලබන 22 තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කළේය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
පොලිස් මූල්‍ය අධිකරණය විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය. මූල්‍ය වංචා දෙකක් සම්බන්ධයෙන් පවතින නඩු විභාග දෙකකට අදාළව කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ ඒකකය අද (15දා) කටයුතු කළේය.
ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ
ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එම ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හෙලෝ කෝප් සමාගමට අදාළ කොටස් රුපියල් මිලියන 125ක් වැය කරමින් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙසේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන තෙක් අත්අඩංගුවට නොගත් බව ඔහුගේ නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මහතා පැවැසීය. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා තවමත් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය අතුළේ ප්‍රකාශ දෙමින් සිටින බවත් ඔහු පැවැසීය.
මේ වන විට ඇතැම් මාධ්‍ය මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි තොරතුරු වාර්තා කරන බවත් එවැනි අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑම් ඇති වෙන බවත් ඔහු කීවේය.
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd