දෙමළ ජාතික සන්ධානය නැවත වතාවක් දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාව අතර ජාතිවාදය පතුරවමින් උතුරු ප්‍රදේශයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව පවසමින් එයට විරෝධය පා වවුනියාව මුස්ලිම් ජනතාව අද (03) වවුනියාව දිසාපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා උද්ඝොෂණයක නිරතවූහ .
වවුනියාව ගාමිණි මහා විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කරන ලද මෙම උද්ඝෝෂණය වවුනියාව දිසාපති කාර්යාලය දක්වා ගමන් කළ අතර, විරෝධතාවට එක් වූ වවුනියාව දිස්ත්‍රික් මුස්ලිම් ජනතාව පැවසුවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් නැවත වතාවක් උතුරු පළාතේ දෙමළ ජනතාව තුළ ජාතිවාදය පතුරවමින් යුද්ධයක් සඳහා මාර්ගය සකස් කරමින් සිටින බවයි.