www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
සියදිවි හානිකර ගැනීමේ අදහසින් මාතර, මහානාම පාලම මතින් නිල්වලා ගඟට පැන ඇති එක්දරු මවක යළි ගොඩට පිහිනා විත් දිවි බේරාගැනීමේ පුවතක් අද (16 දා) වාර්තා විය. එසේ ජීවිතය බේරාගැනීමට සමත් වූයේ මොරවක නෙළුව පදිංචි චින්තා සුභාෂිණී මාවතගම (අවු.32) නමැති කාන්තාවකි.
මිනිත්තු 10 ක පමණ කාලයක් ඇය ගං ඉවුර දෙසට පිහිනා විත් මෙසේ දිවි රැකගෙන ඇති අතර, පී.ඩී. ජයසිරි (41) මහතා ගංඉවුරට ගොස් උණ බටයක් දිගු කර ඇයගේ දිවි බේරාගැනීමට උපකාර කර ඇත. පසුව මාතර යුද හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනෙකුගේ සහයෝගය ඇතිව අදාළ කාන්තාව මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. මාතර මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd