උතුරු පළාත් සභාවට අයත් සියලුම රෝහල්හි වෛද්‍යවරුන් විසින් අද (14දා) එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කළ බවට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ වවුනියාව වෛද්‍ය සංගමයේ ලේකම් එස්.තිරුවේකරන් මහතා පවසා සිටියේය.
උතුරු පළාතේ පිහිටි යාපනය ශික්ෂණ රෝහලේ හැරෙන්නට උතුරේ පිහිටි අනෙකුත් සියලුම රෝහල්වල සිටින වෛද්‍යවරුන් වෙනුවෙන් මාස 5ක කාලයක් පුරාවට උතුරු පළාත් සභාව මගින් ගෙවිය යුතු අතිකාල දීමනාව මෙතෙක් ලබානොදීම හේතුවෙන් තමන් අද දින මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බවට උතුරේ වෛද්‍යවරු පවසති.
යාපනය ශික්ෂණ රෝහල මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක වන අතරම දිවයිනේ අනෙකුත් පළාත් සභාවලට අයත් රෝහල් වෛද්‍යවරුන්ට අතිකාල දීමනාවන් ලැබුණද උතුරු පළාතේ කිසිදු වෛද්‍යවරුයෙකුට මාස 5ක කාලයක් පුරාවට අතිකාල දීමනාව ලබාදීම උතුරු පළාත් සභාව මගින් මගහැර ඇති බව ඔවුහු පවසති.
මෙම තත්ත්වය ඉදිරියටද පැවතියහොත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සමග සාකච්ඡා කර අඛන්ඩ වැඩවර්ජනයකට පිවිසීමට පියවර ගන්නා බවද උතුරේ වෛද්‍යවරු වැඩිදුරටත් කියා සිටියහ.
අද දින උතුරු පළාතේ සියලුම රෝහලහි හදිසි ඒකකයන් පමණක් ක්‍රියාත්මක කෙරුණු අතර, මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව ප්‍රතිකාර නොමැතිවීමේ අසීරුතාවයන්ට පත්ව සිටියහ.