යක්කලමුල්ල, මානකඳුර ප්‍රදේශයේ පදිංචි දොළමුල්ලගේ සුනිල් මහතාගේ නිවස අසල විශාල ප්‍රමාණයේ යෝධ බිම්මලක් හටගෙන ඇත.
අඩි පහක පමණ විශ්කම්භයකින් යුත් මෙම බිම්මල උසින් අඟල් 16කි. මෙම බිම්මලේ පෙති හැටක් පමණ පිහිටා තිබේ.
මෙම බිම්මල වසර තුනකට පමණ පෙර කපා දමන ලද හල්මිල්ල ගසක මුලක් ආශ්‍රිතව හටගෙන ඇති අතර, මාස දෙකක පමණ කාලයක සිට බිම්මල වර්ධනය වී ඇතැයි සුනිල් මහතා පැවසීය.
හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්