පාකිස්තාන ක්රිකට් ආයතනයේ සභාපති හා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති අතර ඊයේ (09දා) උදෑසන රහස් සාකච්ඡාවක් පැවත්වා තිබේ.
මෙහිදී ශ්රී ලංකා ඒ කණ්ඩායමක් හෝ 19න් පහළ කණ්ඩායමක් පාකිස්තාන සංචාරයකට යොමුකරන ලෙස පාකිස්තාන ක්රිකට් ආයතනයේ සභාපති ශහර්යාර් එම්.ඛාන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතාට ආරාධනාවක් කර ඇති.
පාකිස්තානයේ සංචාරය කරන ක්රීඩා කණ්ඩායම් සඳහා එහි ආරක්ෂාව උපරිම වශයෙන් පවතින බව පෙන්වීමට පාකිස්තාන ක්රිකට් ආයතනයේ සභාපතිවරයා මේ හරහා බලාපොරොත්තු වෙයි.
පාකිස්තාන ක්රිකට් සභාපතිවරයා මීට ඉහතදී බංග්ලාදේශයේ කරනු ලැබූ සංචාරයකදීත් මෙම ඉල්ලීම කර තිබේ.
චන්නකද සිල්වා