2014 ෆෝමියුලා ලෝක ශූරතාවලිය ආරමභ කරමින් පැවැති පළමු ෆෝමියුලා තරගය වූ ඔස්ට්‍රේලියානු ෆෝමියුලා වන් තරගය ජයගැනීමට මර්සිඩීස් කණ්ඩායමේ නිකෝ රෝස්බර්ග් මීට සුළු මොහොතකට පෙර සමත්විය. මෙම තරගයේදී වර්තමාන ෆෝමියුලා ලෝක ශූර රෙඩ්බුල් කණ්ඩායමේ සෙබස්තියන් වෙටල්ට තරගයේ පස්වැනි වටයෙන් ඉවත්වීමට සිදුවිය.
තරගයේ සුදුසුකම් ලබාගැනීමට පැවැති වටය ජයගත් ලුවිස් හැමිල්ටන්ද ඔස්ටේලියානු තරගයේ තුන්වැනි වටයෙන් ඉවත්විය. තරගයේ දෙවැනි ස්ථානය රෙඩ්බුල් කණ්ඩායමේ ඩැනියෙල් රිකාඩෝ විසින් හිමිකරගත් අතර, තෙවැනි ස්ථානය හිමිකරගත්තේ මැක්ලරන්ස් කණ්ඩායමේ මැග්නුසෙන් විසිනි. අලන්සෝ පස්වැනි ස්ථානයට පත්විය.
ඡායාරූප ඩේලි මේල් ඇසුරෙනි