ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලැබූ ටෙස්ට් තරග ජයග්රහණයෙන් පසුව සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරන ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර පවසන්නේ හෙරත් එංගලන්ත ජාතිකයෙක් වූ වානම් ඔහුව නයිට් පදවියකින් පිදුම් ලබනු ඇති බවයි.
රංගන හෙරත් ඔහුගේ උපරිමය දි ඇති බව පවසන සංගා ඔහු ශ්‍රී ලාංකිකයෙකු වීම පිළිබඳව සතුටු වෙන බවද සඳහන් කරයි. ඔස්ට්‍රේලියාවට හා පැවැති ටෙස්ට් තරග තුනේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දක්ෂතා දැක්වූ හේරත් ලකුණු 119ක් හා කඩුලු 28ක් දවා ගැනීමට සමත්විය.