20 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේදී බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදුන් සුදේශ් පීරිස් ක්‍රීඩකයාට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පිරිනමනු ලැබූ රුපියල් ලක්ෂ 30ක මුදල ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ක්‍රීඩා අමාත්‍යාංශයේ දී භාර දුන්නේය.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම, ප්‍රධාන ගණකාධිකාරිනී අයි.ඒ.එස්.එස්. සිරිමාන්න, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.