සචිත්ර සේනානායක තම පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කිරීමට අවශ්‍ය උපදෙස් හා බටහිර ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ පැවැති පරීක්ෂණකට සහභාගීවී නැවත දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (21දා) නිවේදනය කළේය.
එහිදී සචිත්ර පන්දු සැකසහිත යැවීමේ ඉරියව් නිවැරදි කිරීමේ උපදේශකයෙකු වන ඩැරල් ෆොස්ටර් මහතා යටතේ පන්දු යැවීමේ ඉරියව්ව නැවත සකස් කරගෙන තිබෙන බව ක්‍රිකට් ආයතනය පවසයි.
මෙම පරීක්ෂණය දින 10ක් සිදුකර ඇති අතර, එම පරීක්ෂණයෙහි ප්‍රතිඵල ඇතුළත් වාර්තාව ඉදිරි දිනවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට නියමිත බවත්, එය ලැබීමෙන් පසුව සචිත්‍රව නැවත වරක් කාඩිෆ් විශ්වවිද්‍යාලයට යොමුකරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.