බටහිර ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ දී සචිත්රගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව සිදුකළ පරීක්ෂණවල ප්‍රගතියක් පවතින බවත් ඔහු තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ගේ මගපෙන්වීම යටතේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ක්‍රිකට් ආයතනය පවසයි.
එසේම ඉදිරි දින කිහිපය තුළදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් දින ලබාගෙන සචිත්රගේ පන්දු යැවීමේ ඉරියව්ව නැවතවරක් පරීක්ෂා කරන බවත් ක්‍රිකට් ආයතනය පවසයි.
බටහිර ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ සැකසහිත පන්දු යැවීමේ ඉරියව් නිවැරදි කිරීමේ කටයුතු සිදුකරන කණ්ඩායමක් හමුවේ සචිත්ර කරනු ලැබූ පරීක්ෂණයට අදාළ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී තිබේ. ඒ අනුව තවදුරටත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටියි.
කෙසේ වෙතත් බටහිර ඔස්ට්‍රේලියානු විශේෂඥයන්ගේ උපදෙස් මත සචිත්රගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීමට ගත් ක්‍රියාමාර්ගවලින් ඔහු ප්‍රගතියක් පෙන්වා ඇතැයිද ක්‍රිකට් ආයතනය පවසයි.