ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 12000 කඩඉම පසුකළ සිවුවැනි පිතිකරුවා බවට පත්වීමට කුමාර සංගක්කාරට පසුගියදා (20) හැකිවිය. පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඩුබායිහි පැවැති දෙවැනි එක්දින තරගයේදී සංගක්කාර මෙම කඩඉම පසුකර ගියේය. මේ වනවිට තරග 359 ක ඉනිම් 336 ක් ක්‍රීඩාකර ඇති සංගා ශතක 16 ක් හා අර්ධ ශතක 82 ක් සමගින් ලකුණු 12,029 ක් රැස්කරගෙන සිටියි. ලකුණු 11,401 රැස්කරගෙන සිටින මහේල ජයවර්ධන මෙම වර්ගීකරණයේ 7 වැනි ස්ථානයේ රැඳී සිටියි. මීට පෙර සචින් තෙන්ඩුල්කාර්, රීකී පොන්ටින් හා සනත් ජයසූරිය ලකුණු 12000 කඩඉම පසුකිරීමට සමත්වූ අතර, ඔවුන් සමගින් පිතිකරැවන් දසදෙනෙකු ජාත්‍යන්තර එක්දින පිටියේ ලකුණු 10,000 කඩඉම පසුකර ඇත.
ලකුණු 10,000 පසුකළ පිතිකරැවෝ
ක්‍රීඩකයා
|
තරග
|
ලකුණු
|
සචින් තෙන්ඩුල්කාර්
|
463
|
18,426
|
රීකී පොන්ටින්
|
375
|
13,704
|
සනත් ජයසූරිය
|
445
|
13,430
|
කුමාර් සංගක්කාර
|
359
|
12,029
|
ඉන්සමාම් උල් හක්
|
378
|
11,739
|
ජැක් කලිස්
|
325
|
11,574
|
මහේල ජයවර්ධන
|
407
|
11,401
|
සව්රව් ගංගුලි
|
311
|
11,363
|
රාහුල් ඩ්‍රාවිඩ්
|
344
|
10,889
|
බ්‍රයන් ලාරා
|
299
|
10,405
|