අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (01දා) නිකුත්කළ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල හත්වැනි ස්ථානය දක්වා පසුබැස ඇත. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හයවැනි ස්ථානයේ පසුවිය.
මෙහි එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ පළමු ස්ථාන තුනෙහි වෙනසක් සිදුවී නොමැති අතර, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව පිළිවෙළින් පළමු, දෙවැනි හා තෙවැනි ස්ථානවල පසුවෙයි.
ටෙස්ට් හා එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ අංක එකට ඔස්ට්‍රේලියානු කණ්ඩායම පැමිණ ඇති අතර, 2008 වසරෙන් පසු ඔවුන් ටෙස්ට් හා එක්දින කාණ්ඩ ද්විත්වයේම පෙරමුණට පැමිණි පළමු අස්ථාව මෙයවේ. අවසන් වරට ඔවුන් 2009 වසරේදී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවිය. වසර දෙකක් ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණගෙන සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇත.
පළමු ටෙස්ට් කණ්ඩායම් දහය
1. ඔස්ට්‍රේලියාව (123), 2. දකුණු අප්‍රිකාව (123), 3. එංගලන්තය (104), 4. පාකිස්තානය (103), 5. ඉන්දියාව (102), 6. නවසීලන්තය (92), 7. ශ්‍රී ලංකාව (90), 8. බටහිර ඉන්දීය කොදෙව් (76), 9. සිම්බාබ්වේ (40), 10. බංග්ලාදේශය (21)
පළමු එක්දින කණ්ඩායම් දහය
1.ඔස්ට්‍රේලියාව (115), 2. ඉන්දියාව (112), 3. ශ්‍රී ලංකාව (111), 4. එංගලන්තය (110), 5. දකුණු අප්‍රිකාව (109), 6. පාකිස්තානය (100), 7. නවසීලන්තය (98), 8. බටහිර ඉන්දීය කොදෙව් (94), 9. බංග්ලාදේශය (73), 10. සිම්බාබ්වේ (61)