සංචාරක පාකිස්තාන කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 30දා ආරම්භවීමට නියමිත තීරණාත්මක හා අවසන් එක්දින තරගය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (27දා) නම් කරනු ලැබීය.
පළමු තරග දෙකට නම්කළ සංචිතයම මෙම තරගයටත් නම්කර තිබේ. මෙම සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී තිබෙන බවත් ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, අශාන් ප්‍රියන්ජන්, ළහිරු තිරිමාන්න (උපනායක), ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, රංගන හේරත්, සීක්කුගේ ප්‍රසන්න, සුරාජ් රන්දීව්, තිසර පෙරේරා