එක්සත් අරාබි එමීර් රාජ්ය පැවැත්වෙන 19 පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීම සඳහා අද (24දා) ඩුබායිහිදී පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායමට ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 76 කින් පරාජය වන්නට සිදුවිය.
ඒ අනුව හෙට (25දා) පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව්- ඇෆ්ගන්ස්තාන තරගයේ ප්රතිඵල අනුව ශ්රී ලංකා කණ්ඩායමට 7 වැනි හෝ 8 වැනි ස්ථානය හිමිවනු ඇත. මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ඇරයුම් කළ අතර, ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 291 ක් රැස්කිරීමට සමත්විය.
එයට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.1 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 215 ක් පමණි.