බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩක ශකීබ් අල් හසන්ගේ තරග තහනම අඩුකිරීමට බංග්ලාදේශ ක්රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන ඇත.
අයහපත් හැසිරීම සම්බන්ධයෙන් පසුගියදා ශකීබ්ට එරෙහිව මාස හයක තරග තහනමක් පැනවීමට බංග්ලාදේශ ක්රිකට් පාලක මණ්ඩලය තීරණය කළ අතර, ඒ අනුව ඔහුගේ දඬුවම් කාලය පසුගිය ජූලි මස 07 වැනිදායින් ඇරඹිණි.
කෙසේ වෙතත් නව සමාකාලයට අනුව ශකීබ්ට සිය දඬුවම් කාලයෙන් ගෙවීමට සිදුවන්නේ මාස තුන හමාරක කාලයක් පමණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් බංග්ලාදේශ ක්රිකට් පාලක මණ්ඩලය ප්රධානී නස්මුල් හසන් පැවසුවේ, මෙම සිද්ධියට සම්බන්ධවීමට පෙර ශකීබ්ගේ හැසිරීම සලකාබලා තමා ඇතුළු ක්රිකට් පාලක මණ්ඩල කමිටුව මෙම තීරණය ගත් බවයි.