ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (18දා) හැමිල්ටන්හි සෙඩන් පාර්ක් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. නවසීලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම අද (18දා) දිනය නිමාවන විට කඩුලු 07 ක් දැවී ලකුණු 264 ක් රැස්කරගෙන සිටියේය.
තරගයේ අවසන් භාගයේ ඇඳහැලුණු වර්ෂාව හේතුවෙන් දිනයට අදාල පන්දුවාර සංඛ්‍යාව යොමුකිරීමට නොහැකි විය. තරගය නතරකරන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 63 ක් හා දුෂ්මන්ත චමීර ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටියි.
මෙම තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 122කින් නවසීන්තය හමුවේ පරාජය වූ හෙයින්, තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට මෙම තරගයේ ජය ශ්‍රී ලංකාවට අනිවාර්යය වේ.
ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරග ඉතිහාසය 1983 වසර දක්වා ඈතට දිවයන අතර, වසර 32 ක අතීතය තුළ ශ්‍රී ලංකාව මෙම තරගාවලියට පෙර ටෙස්ට් තරගාවලි 07 ක් සඳහා නවසීලන්තයේ සංචාරය කර ඇත. එම පැවැති තරගාවලියන් අතුරින් තරගාවලි 04 ක් නවසීලන්තය ජයගෙන අතර, තරගාවලි දෙකක් ජය පරාජයෙන් තොරව අවසන්වී ඇත.
දෙරටේ තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව, නවසීලන්තයේදී ජයගෙන ඇත්තේ එක් තරගාවලියක් පමණක් වන අතර, 1995 වසරේ පැවැති එම තරගාවලිය තරග 1 – 0 ක් ජයගෙන ඇත. ඒ අනුව වසර 20 ක සිට නවසීලන්ත කණ්ඩායම එරටදී පරාජය කිරීමට ශ්‍රී ලංකාවට නොහැකිවී ඇති අතර, මෙවරද එම බලාපොරොත්තු අත්හැරගැනීමට සිදුව ඇත. පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකාවට ගෞරවාන්විතව ටෙස්ට් තරගාවලිය අවසන්කිරීමට නම් ඇති එකම විකල්පය වන්නේ මෙම තරගය ජයගෙන, තරගාවලිය ජයපැරදුමෙන් තොරව අවසන්කිරීම පමණි.
අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ ආරම්භයේද (2014/15) සිදුකළ නවසීලන්ත තරග සංචාරයේදී තරග 2 – 0ක් ලෙස ටෙස්ට් තරගාවලිය පරාජය වීමට සිදුවිය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව